• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති

21 April 2024
in දේශීය, පුවත්
රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල් ඉදිරිපිට රැය පහන්වන තුරු ජනතාව රැදී සිටින අයුරු මම දුටුවා. ඔවුන් පාලකයන්ට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටියා. එවන් තත්ත්වයක තිබු රට අද ලබා ඇති ප්‍රගතිය බොහෝ දෙනාට සිතා ගැනීමට පවා අසීරු වී තිබෙනවා. අද රට තුළ ඇති වි තිබෙන මෙම ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. එම තීරණ ජනප්‍රිය තීරණ නොවන බව කිවයුතුයි.මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණේ එක් පක්ෂයකට අයත් ආණ්ඩු. එසේ නොමැතිනම් පක්ෂ දෙක තුනක් එක්ව ගොඩනගාගත් ආණ්ඩු. නමුත් මෙම ආණ්ඩුව එවැනි එකක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මම විතරයි හිටියේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවල අය ආණ්ඩුව සමඟ එක් වුණා. රටේ අවශ්‍යතාව වෙනුවෙන් එම ආණ්ඩුව ගොඩනැගුවා. මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇතැම් අය පැවසුවා.කෙසේ හෝ අප රට වෙනුවෙන් වූ අරමුණ සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ පිළිබඳ මම අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ අසීරු කාලයේ ජනතාවට අවශ්‍ය සහන ලබාදිමට ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු අනෙක් නිලධාරින් විශාල සේවාවක් ඉටු කළා. අප සියලුදෙනා එකට වැඩ කළ නිසා තමයි අද මේ ප්‍රගතිය ලබාගෙන තිබෙන්නේ. අද සංචාරක ව්‍යාපාරය නොසිතු අන්දමේ දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අපි මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම තුළින් එම මුදලුත් අද රටේ ආර්ථිකයට එක්වෙලා තිබෙනවා. අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලුදෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවයෙන් සිටිනවා. රටේ සංවර්ධන ක්‍රියාවලියේ වාසිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ නිසා අස්වැසුම වැඩසටහනින් ලබාදෙන ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අප කටයුතු කළා. ඒ වගේම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දි වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා. රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ගොඩනැගීමේදී කිසිවෙක් පසුකර හෝ අතහැර යාමට මම එකඟ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව රටේ ආර්ථිකය දියුණු කරනවා. අද සංචාරක ව්‍යාරය හරහා ගමට මුදල් ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ශක්තිමත් අපනයන කෘෂිකර්මාන්තය ඇති කිරීම එහි අරමුණ බව කිවයුතුයි. ඒ වගේම වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. එම ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයතු කරගෙන යනවා. ඒ වගේම ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි. ඒ වගේම මෙම ඌව පළතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු ඇතුළු ඌව පළාතේ දේශපාලන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන , වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,604
Previous Post

අමාත්‍ය විජයදාස නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට

Next Post

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්..

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කඩිනමින් අවසන් කරන්න - ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved