3 May 2024
#දේශීය #පුවත්

අමාත්‍ය විජයදාස නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට

නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් තිබේ. ඒ අද (21) එම පක්ෂයේ මහලේකම් සාරති දුෂ්මන්ත් මහතා විසින් කැඳවු දේශපාලන මණ්ඩල රැස්වීමේදී විජයදාස රාජපක්ෂ මහතාගේ නම ඒකමතිකව සම්මත වී ඇත. කෙසේ වෙතත් පසුගියදා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් කැඳවු දේශපාලන මණ්ඩල රැස්වීමේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කෙරිණ.

මෙම රැස්වීම් දෙකම නිති විරෝධි යැයි දෙපාර්ෂවයම චෝදනා කරමින් සිටියි.

කෙසේ වෙතත් මහලේකම්වරයා විසින් අද කැඳ වු දේශපාලන මණ්ඩලයේ රැස්වීම අනුව මැයි රැළියේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් විජයදාස රාජපක්ස මහතාව නම් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම බොහෝ විට ඉදිරි දින කිහිපයේදී විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *