• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික අංශයේ සහයෝගිතාව තවදුරටත් – කර්මාන්ත අමාත්‍ය විමල්

14 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳෙන, ශක්තිමත් සබඳතාවක් පවතින බවත් දෙරටේ කර්මාන්ත අමාත්‍යවරුන්ගේ හමුව කාර්මික අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට වේදිකාවක් වනු ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යාංශයේ දී එරට කර්මාන්ත අමාත්‍ය ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා (Agus Gumiwang Kartasasmita) මහතා සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට(2nd RCID 2021) සමගාමීව පැවැත්විණි.

එහිදී ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව දේශපාලන – සමාජ – ආර්ථික – සංස්කෘතික යන සෑම අංශයක් කරාම රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බව යි.

2022 වසර සඳහා ජී -20 හි සභාපතිත්වය දරන ඉන්දුනීසියාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවල් තම ජාතික අනන්‍යතා රැක ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම කෙරෙහි මෙහිදි අවධානය යොමුකරන බව ද සඳහන් කළේය. එය අනුමත කරමින් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සුපිරි බලවතුන්ගේ ගොදුරු බවට පත් නොවෙමින් සියලුදෙනා එක්සත්ව කටයුතු කිරීම ද වැදගත් වනු ඇති බව ය.

කලාපයේ නව තරුණ පරපුර කාර්මික අංශයට ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ වීරවංශ අමාත්‍යවරයා, ඉන්දුනීසියාව ඒ සඳහා භාවිතා කරන උපායමාර්ග පිළිබඳව විමසා සිටියේය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ පාසල් මට්ටමේ සිට කාර්මික අංශයට අදාළ දැනුම හා පුහුණුව ලබාදීම මෙන්ම එම අංශයේ ව්‍යාපාර අරඹන තරුණ පිරිස්වලට කාර්මික උපකරණ මිලදී ගැනීමේදී 40% දක්වා වට්ටම් ලබා දීම වැනි කටයුතු ඒ සඳහා ක්‍රියාත්මක වන බව ය.

ශ්‍රී ලංකාව මෙරට නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැසක් ඉන්දුනීසියාවෙන් ලබා ගන්නා බවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්දුනීසියාව සමඟ ව්‍යාපාරවල නිරත වන බවත් මෙහිදී සිහිපත් කළ විමල් වීරවංශ මහතා, 2022 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙසට ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මහතාට ඇරයුම් කිරීමට ද කටයුතු කළේය.

මෙහිදී අමාත්‍යවරුන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සංවර්ධන) මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් දිලිනි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

ඊලග ඡන්දයට නිදහස් පක්ෂය තනිවම සටනට

Next Post

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ ලබා දෙයි

editor

editor

Next Post

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved