• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ජනාදරයට පාත්‍ර වූ ප්‍රධානතම වෙළඳ නාම 100 අතරට එක් වෙයි

23 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන ‘LMD Brands Annual’ වාර්ෂික සන්නාම විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාව තුළ ඉහළම ජනාදරයක් දිනාගත් වෙළෙඳ නාම 100 අතරට නම් කෙරිණි.

මෙම ජයග්‍රහණය මෙන් ම 2021 SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 10 වන වරටත් ‘වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස ජනතා සම්මානයට පාත්‍ර වීම මගින් INSEE සංස්ථා සන්නාමය වසර ගණනාවක් තිස්සේ රැකගත් පාරිභෝගික විශ්වාසය විදහා දක්වයි.

” අපි අපගේ විශ්වාසවන්ත පාරිභෝගික ජනතාවට ගුණාත්මක බවින් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ලබා දෙන බවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්. ඒ නිසාම INSEE සංස්ථා මේ රටේ ඉහළම ජනාදරය හිමිකරගත් සිමෙන්ති සන්නාමය බවට පත් වීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා.” යනුවෙන් INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා පැවසීය.

“පාරිභෝගික ජනතාව වසර ගණනාවක් තිස්සේ හොඳින් දන්නා, ඒ වගේම ඔවුන් ආදරය කරන වෙළඳ නාමවලට ආකර්ෂණය වන බව පසුගිය අභියෝගාත්මක කාලයේ දී අපි දුටුවා. ඒ නිසාම වේගයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳව හොඳින් අවබෝධ කර ගනිමින්, ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ඔවුන් වෙත ලබාදීමට වෙහෙසෙන INSEE සංස්ථා වැනි සන්නාම ඇගයීමට කටයුතු කිරීම ඇත්තටම සතුටට කරුණක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෘත්තීයමය ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තුළ භාවිත වන අංක 1 සිමෙන්ති සන්නාමය විදියට INSEE සංස්ථා රැකගත් ස්ථාවරය ඉදිරියටත් ආරක්ෂා කර ගැනීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ” යනුවෙන් ඒ මහතා තවදුරටත් අදහස් දැක්වීය.

INSEE සංස්ථා යනු සුපිරි මිශ්‍රිත සිමෙන්ති නිෂ්පාදනයකි. එමෙන් ම එය SLS 1253 ප්‍රමිතිය යටතේ, 100% දේශීයව නිෂ්පාදනය කර මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් ප්‍රථම බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනය යි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) මගින් ‘හරිත රන් සම්මානයෙන්’ ද පිදුම් ලබා තිබේ.

මෙරට සෑම නිවාස ඉදිකිරීම් 3 කි න් 2 ක් සඳහා ම INSEE සංස්ථා නිෂ්පාදනය යොදාගෙන ඇති අතර , මෙම නිෂ්පාදනය යොදාගනිමින් වැඩ කිරීමේ දී ඇති පහසුව සහ සුවිශේෂී නිමාව නිසා ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඉහළම තේරීම බවට INSEE සංස්ථා පත් වී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. INSEE සංස්ථා නිෂ්පාදනය භාවිත කිරීමේ දී එම නිෂ්පාදනයේ අංශු ඉතා හොඳින් මිශ්‍ර වන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඝනත්වය වැඩි වේ. මේ හේතුවෙන් එම ඉදි කිරීම් ජලයෙන් තොර, ශක්තියෙන් උසස් මෙන්ම, අතිශය කල් පවතින ඒවා බව අවධාරණය කළ යුතු ම ය.

INSEE සංස්ථා නවතම SLSI 1697 ප්‍රමිතියට අනුකූලව නව්‍යකරණය වෙමින්, නව සංයුතියකින් මෙන් ම උසස් ප්‍රමිතියෙන් යුක්තව ‘ INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්ති’ නමින් එළිදැක්වීමට නියමිත ය. එය තිරසාර, ඉහළ කාර්යසාධනයක් සහිත කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. එමෙන් ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපය, ඉන්දියාව සහ අනෙකුත් ආසියානු රටවල ඉදිකිරීම් ක්ෂේත්‍ර තුළ භාවිත කරන ඉතා දියුණු නිෂ්පාදනයකන් මෙරට වෙළෙඳපොළ වෙත නුදුරේදීම හඳුන්වා දීමට INSEE සිමෙන්ති ආයතනය කටයුතු සූදානම් කර ඇත.

දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය මගින් පරිසරයට සිදුවන බලපෑම සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා අවධානය යොමු කරන INSEE සංස්ථා, සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනයක් ලෙස ඒ සඳහා තම අඛණ්ඩ සහයෝගය ලබා දෙයි. නිරන්තරයෙන් දියුණුවන සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනයක් වන INSEE සංස්ථා, තිරසාර ඉදිකිරීම් වෙත මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහෙයවීමට කටයුතු කරන අතර, එමගින් INSEE සිමෙන්ති නාමය යටතේ නිර්මාණය වන ඉදිකිරීම්වල දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම අපේක්ෂා කරයි.

 

Post Views: 5
Previous Post

රක්ෂිත බන්ධනාගාරවල හිරවී සිටින තරුණ ජීවිතවලට සාධාරණයක් දෙන්න – ඇමැති නාමල්

Next Post

කොරෝනා මර්දනයට ඉලක්ක ගත වැඩපිළිවෙලක් ඇමැති පවිත්‍රා කියයි

editor

editor

Next Post

කොරෝනා මර්දනයට ඉලක්ක ගත වැඩපිළිවෙලක් ඇමැති පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved