27 April 2024
#දේශීය

කොරෝනා මර්දනයට ඉලක්ක ගත වැඩපිළිවෙලක් ඇමැති පවිත්‍රා කියයි

කොරෝනා මර්දනය සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් සකස් කල යුතු බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවුසවේ රුපියල් මිලියන 250 ක වටිනාකමකින් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය (catheterization laboratory) අද (23) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

තෝරාගත් රජයේ රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේ චීන ව්‍යාපෘතිය යටතේ කළුතර නාගොඩ රෝහලට අත්‍යාවශ්‍යව පැවැති මෙම හෘද කැතීටරීකරණ රසායනාගාරය ලැබී ඇත.

හෘදයාබාධයක් ඇති වූ විට හෘද රෝගියාගේ කිරීටක ධමනි අවහිර වේ. එම අවහිර වී ඇති කීරීටක ධමනි පැය එකහමාරක් වැනි කාලයක දී ස්ටෙන්ට්ස් එකක් දැමීමෙන් නැවත විවෘත කර ගත යුතු වේ. රෝගියාගේ ජිවිතය බේරා ගැනීම සදහා එය සිදු කළ යුතු හදිසි ප්‍රතිකර්මයකි. එම ශල්‍යකර්ම කටයුතු සදහා හෘද කැතීටරීකරණ රසායනාගාරය යොදා ගනු ලබයි. මිලියන 22 ක් වන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහ යාබද දිස්ත්‍රික්කවල සියළු ජනතාව සදහා මෙයින් අද දින සිට සේවාවන් ලබාගත හැකි වේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “අපේ බලාපොරොත්තුව ලංකාවේ හැම පළාතකටම අඩුම තරමේ එක් හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ලබාදීමයි. මිලියන 200 ක් වැනි විශාල මුදලක් කැබිනට් මණ්ඩලයෙන් නැවැත සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමත කළා කොවිඩ් රෝග මර්දන කටයුතු වෙනුවෙන්. කොවිඩ් රෝගය මර්දනය කර අපට මේ රට බේර ගන්න පුළුවන්. ඒ සදහා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. පළමු සහ දෙවැනි කොවිඩ් රැළි අපට මර්දනය කළ හැකි වුවා නම් තුන්වන රැල්ල මර්දනය කරනවා කියන එක අපහසු කාර්යයක් නොවෙයි. අපි එම ඉළක්කය ඇතිවයි කටයුතු කරන්නේ. ඒ සදහා අපි නීති පැනවූවාම ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනි. මාර්ගෝපදේශ නොපිළිපදින අය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වෙලා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ක් ලෙස වෙනස් කරලා හරි මේ රෝගය මර්දනය කරන්න අපි ඉළක්කගතව වැඩ කරනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, අනිල් පැස්කුවෙල් යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Minister of Health Pavithra Wanniarachchi says that a targeted program should be formulated to control corona.

She was speaking at the opening of the Rs. 250 million Catheterization Laboratory at the Nagoda General Hospital in Kalutara today (23).

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *