27 April 2024
#දේශීය

රක්ෂිත බන්ධනාගාරවල හිරවී සිටින තරුණ ජීවිතවලට සාධාරණයක් දෙන්න – ඇමැති නාමල්

තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බවයි.

මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

තම පියාටත් උගන්වාගන්න බැරිවුණ පාඩමක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් අද විපක්ෂය එදා ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ තමන්ට ඉගැන්වූ බව සිහිපත් කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව කිසිවිටෙකත් ජනතා අසාධාරණයක් හමුවේ නිහඬව නොසිටින බවට විශ්වාසය පළ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *