එක රටක් එක නීතියක් මුළින්ම පාර්ලිමේන්තුවේ තමා පැවසු දේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මාලාවට ඇතුලත්ව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවුසවේ අනුරාධපුර පැවැති ජනහමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ මෙවර මහ මැතිවරණය දිනන්නේ පොහොට්ටුව වුනාට එය රට දිනවන මැතිවරණයක් බවයි.
රටේ සංවර්ධනය කරන්න දායක වන ලෙස දිසානායක මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එසේම තමාට හැමදාම පාර්ලිමේන්තුවට යාමට වඩා තමාට අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් රටක් හදන්න රටක් වෙනස් කරන්න දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.