27 April 2024
#දේශීය

පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි

පලෙයි පොලිස් වසමේ පසුගිය 03 වනදා නිවසක සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලබා මෙම සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බවයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *