27 July 2024
#දේශීය

යහපාලන ආණ්ඩුව රටේ ත්‍රස්තවාදයක් බිහිකිරීමට මග පැදු බව අගමැති කියයි

යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ අකර්මන්‍යකර තොරතුරු වසං කිරීම හරහා නැවත වතාවක් රටේ ත්‍රස්තවාදයක් බිහිකිරීමට මග පාදා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කර රට ඉන් නිදහස් කළ නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව නැවත වතාවක් රටේ ත්‍රස්තවාදයක් බිහිකිරීම සඳහා ඉඩ ලබාදුන් බවයි.

යහපාලන ආණ්ඩුවේ නායකයින්ට තොරතුරු ලැබී තිබියදී බුද්ධි අංශ නිලධාරින් ගෙදර යවලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පූර්ව අනතුරු ඇඟවීම් සියල්ල වසං කිරීම හේතුවෙන් අහිංසක ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වූ බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

දිස්ත්‍රික්කයක් සංවර්ධනය කරනවට වැඩිය මුළු රටක්ම සංවර්ධනය කරන එක තමයි අපේ වගකීම බවත් කුරුණෑගල කියන්නේ රාජධානි හතරක් පැවතුණු බොහෝම බලසම්පන්න දිස්ත්‍රික්කයක් බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ හැකි පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. හැමවිටම ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය තමයි ආණ්ඩුවත් නියෝජනය කළ යුතු වෙන්නේ. ”යැයි ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද සහභාගි විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *