සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට ධීවර අමාත්‍ය ඩගල්ස් දේවානන්දා මහතා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
ධීවර යාත්‍රා ඇතුළු ධීවරයන්ට අවශ්‍ය මෙවලම් රැසක් නිෂ්පාදනය කරණු ලබන ධීවර අමාත්‍යාංශයට අයත් සී නොර් ආයතනයේ සභාපති කොමදෝරු රාජ්චන්ද්රලාල් මහතා සහ එහි සාමාන්‍යාධිකාරී නදී පුංචිහේවා යන මහත්වරුන් අද (26) දින අමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍යාංශයට කැදවු අතර මෙහිදී නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා හා අනෙකුත් මෙවලම් සියල්ලම නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදනය කොට වෙළදපලට යැවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදි.
විශේෂයෙන් නැක්ඩා හා නාරා අයාතනයට අවශ්‍ය මෙවලම් පෞද්ගලික වෙළද පොලට වඩා 10% ක් අඩු කොට එම ආයතන වලට ලබා දෙන ලෙස ද, තවද සී නොර් ආයතනයට අයත් කරෛයිනගර් කර්මාන්ත ශාලාවෙන් බෝට්ටු පමණක් නොව සබන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සීනෝර් ආයතනයෙත් එසේම ආයතනයට අයත් කර්මාන්ත ශාලාවල මෙන්ම යාත්‍රාංගන වලද පවතින ගැටළු විසදීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම තමන් ලගදීම මෙම ආයතනයෙත්, කර්මාන්ත ශාලාවල හා යාත්රාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන බවත් එතෙක් නව නිෂ්පාදන සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් විශේෂයෙන් ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම සදහා මුරුසිය වැනි රටවල් සමග සාකච්ඡා කරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.