• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැයි 9 ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

26 September 2022
in දේශීය

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් ඒඅනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

නව සභාවාරයට අදාළව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ මුලසුන හොබවමින් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා 23 වනදා මේ බව පැවසීය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවලද යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව ආරක්ෂක අංශවල යම් අඩුලුහුඩුකම් සිදුවූයේද යන්නත් ඒ හා සම්බන්ධ වූ පුද්ගලයන්ට ගන්නා නීතිමය පියවර සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම ආරක්ෂක ලේකම් ‍ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා මෙහිදී පවසා සිටියේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින උදර්පණ ගිවිසුමට අදාළ අංක 2282/19 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කිරීම සදහා ද ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය. 2014 වසරේදී දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ඇතුළු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමේදී ඇතිවූ නෛතික බාධාවන් ඉවත් කිරීම මෙහි අරමුණ වි ඇත.

 

විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සදහා නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ආරක්ෂක කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

කාරක සභා සාමාජිකයන් වන (ආචාර්ය) සරත් වීරසේකර, (මේජර්) ප්‍රදීප් උදුගොඩ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක්ද රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයින්ට සහතිකපත් ප්‍රදානය කෙරේ

Next Post

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට අමාත්‍ය දේවානන්දාගෙන් උපදෙස්

editor

editor

Next Post

සී නෝර් ආයතනයේ නිෂ්පාදන තත්වය වර්ධනය කිරීමට අමාත්‍ය දේවානන්දාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved