• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදු අලියෙක් වෙච්ච මහ ඉලුප්පල්ලම ගොවිපළ පිළිබඳවයි පරීක්ෂණ කරන්න – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ

21 November 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සිංහයාට ගලක් ගැහුවාම සිංහයා කරන්නේ ගල ගහපු කෙනා හා ආපු පැත්ත බලනු නමුත් බල්ලා කරන්නේ ඒ ගල හපන එක බවත් දැන් බල්ලාගේ කාර්යභාරය ඇමතිවරයා කරන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ ඉලුප්පල්ලම බීජ හා පර්‍යේෂණ ගොවිපොලට බලහත්කාරයෙන් ඇතුල් වූවා යැයි පවසමින් කෘෂිකර්ම ඇමතිවරයා විසින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

අපි පහුගිය දිනයක ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතයින්, සහ මාධ්‍යවේදීන් පිරිසක් මහඉලුප්පල්ම රජයේ ගොවිපළ නිරීක්ෂණ චාරිකාවක යෙදුනා, එහිදී අපි රටට අනාවරණය කළා, මහඉලුප්පල්ලම රජයේ ගොවිපළ මරණයට පත් කරලා තියෙන ගොවිපළක්, මේක ලංකාවේ කෘෂිකර්මාන්තයේ හදවත.

අපි දන්නවා පොඩි කාලේ මහඉලුප්පල්ලම ගොවිපළ, බීජ නිෂ්පාදන ගොවිපළක් කියලා, මිරිස්, බන්ඩක්කා ඇතුළු බීජ නිෂ්පාදනය කරපු, පර්යේෂණ කරපු මහා ගොවිපලක්, මේ රටේ කෘෂිකර්මාන්තයේ හා ගොවියන්ගේ හදවත මහඉලුප්පල්ලම, හැබැයි අද අත්වෙලා තියෙන ඛේදනීය ඉරණම අපි රටට අනාවරණය කළා, මේ අනාවරණය කළාම මාධ්‍ය මගින්, වර්ථමාන කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර අමාත්‍යයවරා කළබල වෙලා නියෝග නිකුත් කරනවා, පොලිස්පතිවරයාට පැමිණිලි කරනවා ජාතික ගොවි ජන එකමුතුව යැයි කියාගන්නා මහඉලුප්පලම ගොවිපළ නිරීක්ෂණය කරන්න සහභාගී වූ පිරිස අත්අඩංගුවට ගන්න කියලා. මහින්ද අමරවීර ඇමතිවරයාට මම අභියෝග කරනවා පුලුවන්නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න.

මහින්ද අමරවීර ඇමතිවරයා හා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා මේ වෙලාවේ කරන්න ඕන, මේ කඩා වැටුණු සුදු අලියෙක් වෙච්ච මහ ඉලුප්පල්ලම ගොවිපළ පිළිබඳවයි පරීක්ෂණ කරන්න ඕන, මේකේ ඉන්න ආයතන භාර නිළධාරීන් හා අධ්‍යක්ෂවරුන් පිළිබඳවයි පරීක්ෂණ කළ යුත්තේ.එහෙම නොකර පණිවුඩ කරුවා අත්අඩංගුවට ගෙන හරියන්නේ නෑ, පුරාණේ කථාවක් තියෙනවා සිංහයාටයි, බල්ලාටයි ගල් ගැහුවම වෙන සන්තෑසිය.

සිංහයාට ගලක් ගැහුවාම සිංහයා කරන්නේ ගල ගහපු කෙනා හා ආපු පැත්තයි බලන්නේ. හැබැයි බල්ලා කරන්නේ මොකද්ද . බල්ලට ගලක් ගහපුවාම බල්ලා කරන්නේ ඒ ගල හපන එකයි.. බල්ලා කවදාවත් ගල ආපු පැත්තවත් ගල ගහපු කෙනා ගැනවත් නෙවේ බලන්නේ.මේ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයා කරන්නෙත් බල්ලගේ වැඩේ වගේ , අපි පණිවිඩයක් දුන්නා, අපි ගලක් ගැහුවා, දැන් බල්ලාගේ කාර්යභාරය ඇමතිවරයා කරන්නේ.ඒ නිසා බල්ලෙක් වෙන්න එපා, සිංහයාගේ කාර්යභාරය කරන්න.

මේ රටේ කෘෂිකර්මාන්තය දැඩි ලෙස බිඳ වැටිලා තියෙන වෙලාවක, කෘෂිකර්ම අමාත්‍යංශයට සම්බන්ධ ඔය ගොවිපළවල් පිලිබඳව අපි දිගින් දිගටම නිරීක්ෂණය කරනවා.ඔය ගහපු චක්‍රලේඛණ රෝල් කරලා ගහගන්න අදාළ තැන් වල, ඔය පොඩි පොඩි කෙනිත්තිලි දාලා අපිව වට්ටන්න හදන්න එපා.මේවායේ අකර්යක්ෂමතාවන් සම්බන්ධයෙන් ඔය වගේ චක්‍රලේඛණ පිට චක්‍රලේඛණ ගහලත් නවත්වන්න බෑ.මම අභියෝග කරනවා පුලුවන්නම් ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා අත්අඩංගුවට අරගෙන, පැය 24 ක් ඇතුලට දාලා පෙන්වන්න කියලා.

අපි කියනවා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමාට අපි පෙන්නුව තැනට යන්න, ගිහින් බලන්න,සියලු දර්ශන අපි සතුව තියෙනවා, මේ ආයතනය සුදු අලියෙක් කරලා තියෙන්නේ එතන ඉන්න නිළධාරීන්.මේවා මහජන මුදලින් නඩත්තු වෙන ආයතන, මේවාට ජනතාවට අයිතියක් තියෙනවා.මේවා නිරීක්ෂණය කිරීමේ සුද්ධ වූ අයිතියක් තියෙනවා.අපි අත්අඩංගුවට ගත්තා කියලා මහඉලුප්පල්ලම සංවර්ධනය වෙනවා නම් , වගා නොවුන බිම් වගා වෙනවා නම් අපි අත්අඩංගුවට නෙමෙයි ඕන දේකට ලෑස්තියි.

පණිවිඩකරුවාට වෙඩි තියලා මේ ප්‍රශ්න විසඳනන් බෑ, අපි හිර ගෙවල් වල යන්න භය නෑ, අපි තහනම් නියෝග දැම්මත් මේ රටේ කෘෂිකර්ම අමාත්‍යංශය සතු ගොවිපළවල් නිරීක්ෂණය කරනවා.

අපිව අත්අඩංගුවට ගත්තාට කමක් නෑ, කෘෂිකර්මාන්තයට සේවයක් වෙනවා නම්, ඒ වගේම ඔය මාව අත් අඩංගුවට ගන්න කියපු කටින් හා තහනම් නියෝග චක්‍රලේඛන අත්සන් කරන පෑනින් මේ පිලිබදව විමර්ශණ කමිටුවක් පත් කරන්න නියෝග කරන්න .ඒක නොකර ඇයි මේ පැමිණිලි කරුවාට වෙඩි තියන නාඩගම් නොකර, විහිළු සපයන්න එපා යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

ප්ලාස්ටික් ‌ බෝතල්වල ඇසූරුම් කර දියර කාබනික පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට – ඇමැති අමරවීර

Next Post

විභාගවලින් ඉහළින්ම සමත් මාතලේ දරුවන් ඇඟයේ

editor

editor

Next Post

විභාගවලින් ඉහළින්ම සමත් මාතලේ දරුවන් ඇඟයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved