27 April 2024
#දේශීය

විභාගවලින් ඉහළින්ම සමත් මාතලේ දරුවන් ඇඟයේ

පල්ලේපොල සමුපකාර සමිතිය විසින් ක්‍රියාත්මක කරන අපොස සාමාන්‍ය පෙළ විභාග හා පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භය සහ පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වූ දරුවන් අගය කරමින් උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පල්ලේපොල දි පැවැත්විණි.

එහිදි දරුවන් අගය කරමින් ත්‍යාග සහ සහතික ප්‍රදානයක්ද සිදු කෙරුණී.

මෙම අවස්ථාව සදහා පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක,පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සම්පත් ලියනගේ, මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *