උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් මෙරටට පැමිණෙන ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව එම පිරිස ඊයේ (15) පස්වරු 6.00ට පමණ දිවයිනට ළගා වී ඇති බවත් උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂා කරයි.
ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
ඉරානයේ පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.
නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.