27 April 2024
#දේශීය

සුනඛයෙකු ගැටුණු ත්‍රිරෝද රථයේ රියදුරු මිය යයි

රක්වාන, රත්නපුර මාර්ගයේ ඊයෙ (15) පස්වරු 6 ට පමණ රක්වාන දෙසට ගමන් කල ත්‍රිරෝද රථයක සුනඛයෙකු ගැටී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව තවත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ අනතුරින් සුනඛයා ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු, අනෙක් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කල පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් සහ ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබු අය කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සුනඛයා ගැටුණූ ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු හොරමුල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලැබු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසි පවසයි.

සිද්ධිය සම්බන්ධවෙන් රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *