#සංවර්ධන

මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරානයේ සහය 

ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කල ඉල්ලීමට ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරන බව ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා පවසයි.

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර සාකච්ඡාවක් ඊයේ (29 ) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100 ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරිමට අයෝබ් හෙයිදාරී මහතා මෙහිදී සිය එකඟතාව පළ කරන ලදී.

තවද ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ඉරාන රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන් අතර එම ඉල්ලීම ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සමග එක්ව මෙරට කුඩා ජල විදුලි බලාගාර හයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඉරානයේ අවධානය යොමු වී ඇති බව හෙයිදාරී මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලදී.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට යොමු වු මැදපෙරදිග රටවල් අතරින් ඉරානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. අතීතයේ පටන් පැවත එන ඉරාන – ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම ශ්‍රී ලාංකික පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට මහත් පිටුවලක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

 

 

 

 

Iran supports renewable energy development in Sri Lanka

The Government of Iran is paying special attention to the request made by the Minister of State for Solar, Wind and Hydro Power Development Duminda Dissanayake to commence a project to build floating solar power plants near tanks and lagoons in Sri Lanka, said the Head of the Political Section at the Iranian Embassy in Job.

A discussion was held between Minister of State Duminda Dissanayake and the Head of the Political Section of the Embassy of Iran, Iob Heidari at the Ministry premises yesterday (29) to obtain the technical and financial assistance of the Government of Iran to promote Renewable Energy in Sri Lanka.

Job Heidari agreed to invest in the All Ceylon Solar Power Project, which is expected to add 100 megawatts of capacity to the country’s electricity supply.

He also requested the Government of Iran to request the Government of Iran to initiate a project to build a floating solar power plant near Sri Lanka’s tanks and lagoons as a donation from the Government of Iran.

Mr. Heidari also informed the Minister of State that Iran is looking at implementing a project to build six (06) small hydro power plants in Sri Lanka in collaboration with public and private entrepreneurs in Sri Lanka.

Iran is one of the leading countries in the Middle East in terms of renewable energy. Minister of State Duminda Dissanayake emphasizes that the further strengthening of Iran-Sri Lanka friendly relations that have existed in the past will be a great boost to the development of Sri Lankan renewable energy.

Leave a comment

Your email address will not be published. Required fields are marked *