ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සටන් අවසන් කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) මහතා පවසයි.
විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම සාම එකඟතාවල ප්‍රධාන කොටසක් ලෙස ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේම විශේෂ අවධානය යොමුව ඇති බවයි. මෙම තීරණයත් සමඟ ගෝලීය බලශක්ති සහ වෙළඳ ක්ෂේත්‍රයට විශාල සහනයක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
















