• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

බැසිල්ගේ ප්‍රකාශය වලංගු ද? සමාජ ආරක්ෂණ අරමුදල් මත අය කරන සියලු බදු අහෝසි කරනු !

17 February 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 2,000 ට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැන වූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව පසුගිය 15 වනදා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය කරමින් ඔහු සන්නිවේදනය කිරීමට උත්සහ කළේ; වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් පාර්ශව නිකරුණේ කලබල වූවාට, ආණ්ඩුවට ඊපීෆ් හෝ, ඊටීෆ් හෝ අනෙකුත් කිසිම කම්කරු අරමුදලක් කොල්ල කෑමට තුන් හිතකවත් අදහසක් නොතිබූ බවයි.

නමුත්, ඊට දින දෙකකට මත්තෙන් (12 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණඩාර කියා සිටියේ “අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල පිළිබඳව, පනත සංශෝධන අවස්ථාවේ දී සානුකම්පිතව ක්‍රියා කරනවා.” යනුවෙනි. නමුත් සේවක අර්ථ සාධක අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හෝ වෙනත් කම්කරු අරමුදලට අත තබන්න ආණ්ඩුවට උත්සහ නොකළා නම්, මන්ත්‍රී යාපා බණ්ඩාරට මෙවන් ප්‍රකාශයක් කරන්න සිදු වෙනවා ද ? යන පැහැදිලි ප්‍රශ්නය මතුවෙන්නේ ඇමති බැසිල්ගේ ප්‍රකාශය හා සැසදීමේ දී ය. මෙවැනි එකිනෙකට පරස්පර ප්‍රකාශයන් අතරේ පසුගිය දා (9 දා) කම්කරු අමාත්‍යවරයා ද මෙම අධිභාර බද්ධට සිය විරෝධය පල කොට තිබුණි. ඊට අමතරම මෙම නව පනත් කෙටුම්පතට වාසුදේව නානයක්කාර,ආචාර්ය බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ,උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අනුව කඩිමුඩියේ මෙම නව අධිභාර බදු පනත කෙටුම්පත් වන්නේ කාගේ වුවමනාවට ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ මතු කරයි.

නමුත් මේ එකිනෙකට වෙනස් සිදුවීම් ඔස්සේ අප තේරුම් ගත යුත්තේ මේ පනත කෙටුම්පත් කරමින් ආණ්ඩුව මුට්ටිය දමා බැලුවේ, කම්කරුවන් හා වෘත්තීය සමිති නිහඬයි නම්, හීන් සීරුවේ මෙම අරමුදල් කොල්ල කෑමටය. නමුත් පනත කෙටුම්පත් කළ මොහොතේ පටන් ඊට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය සහ කම්කරුවන්ගෙන් නැගී ආ විරෝධය; මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් ‘කම්කරුවන්ගේ ඊ.පී.එෆ්. හෝ ඊ.ටී.එෆ් හෝ අනෙකුත් සමාජ ආරක්ෂණ අරමුදල් 25% අධිභාර පනත හරහා ආවරණය නොවන බැව්’ කියන තැනට තල්ලු කළේය. නමුත් එය හුදු ප්‍රකාශයක් පමණක් නිසාවෙන් හා එසේ ප්‍රකාශයක් නිකුත් කළ පමණකින්, කෙටුම්පත් කළ පනත අවලංගු වීමක් සිදු වේ යැයි අපේක්ෂා නොකරමු. මන්ද මේ ආණ්ඩුව බලයට පැමිණි දා පටන් මේ දක්වා කෙරෙන ‘ප්‍රකාශ’ ක්‍රියාවට නැංවීම් අත්දුටු බැවිනි.

එනිසාවෙන් ඇමති බැසිල් කියනා ලෙස කම්කරු මුදල් මත මෙම අධිභාර බද්ධ අයකිරීමට ආණ්ඩුව සද්-වුවමනාවක් තිබුණා නම් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධානයන්ට මෙම නව පනත කෙටුම්පත් නොකරනු ඇත. නැතිනම් දේශීය ආදායම් බදු පනතේ ‘සමාගම්’ ලෙස නිර්වචනය කර ඇති සමාජ ආරක්ෂණ අරමුදල් නව පනත කෙටුම්පත් කිරීමේ දී වලංගු නොවන බව දක්වමින් වගන්තියක් එක් කිරීමට කටයුතු කළ යුතුව තිබුණි. නැතිව කුරුමානම වැරදුණු පසුව; වෘත්තිය සමිති මෙම පනත තේරුම් නොගත්තා වැනි ප්‍රකාශ කොට, ලෙස්සා යාමට මුදල් ඇමතිවරයාට කිසිදු අයිතියක් නැත.

එබැවින් 25% අධිභාර පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනයට ලක් කොට, මේ හරහා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සියලු ම සමාජ ආරක්ෂණ අරමුදල් මෙම අධිභාරයට යටත් නොවන බව ප්‍රසිද්ධ කිරීමට රජය ක්‍රියා කළ යුතුය. ඉන් නොනැවතී, මේ වන විටත් ක්‍රියාත්මක වන 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අදාලව සමාජ ආරක්ෂණ අරමුදලේ පොළී ආදායම මත අය කර ගන්නා 14%ක ආදායම් බද්ධ ද අවලංගු කළ යුතුය. නැතිව, ‘මේ පසුගිය රජය සමයේ පැනවූ බද්ධක්’ වැනි කතා කීම පලක් නැත. මන්ද කුමන රජයක් අදාල බද්ධ පැනෙව්වත්, ඒ බදු පනවා ඇත්තේ අහිංසක කම්කරුවන් දහඩිය මහන්සියෙන් එක් රැස් කරගත්තා වූ සිය සමාජ ආරක්ෂණය මතය.

එබැවින් වත්මන් ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති නව අධිභාර බදු පනතින් සමාජ ආරක්ෂණ අරමුදල් නිදහස් කරන බවට වූ සංශෝධනයක් කෙටුම්පත් කිරීමට රජය ක්‍රියා කළ යුතු අතර ම, සමාජ ආරක්ෂණ අරමුදල්වල ආදායම මත දැනට අය කෙරෙන සියලු ම බදු අවලංගු කළ යුතු බව රජයට අවධාරණය කර සිටිමු. එතුවක් නොනැවතී මෙම සටන වෘත්තීය සමිති, කම්කරුවන් සහ මහජනතාව එකට එක් වූ පුළුල් ප්‍රවාහයක් ලෙස සංවිධානය වී සටන් වදින බව ද රජයට අවධාරණය කරමු.

සටහන -ප්‍රොටෙක්ට් සංගමය-

Post Views: 6
Previous Post

ඒකාන්තවම තව දින කිහිපයකින් තෙල් මිල ඉහල යනවා – විපක්ෂ නායක සජිත්

Next Post

තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුල ඇසුරුම් කර වෙළෙද පොලට නිකුත් කරනවා – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුල ඇසුරුම් කර වෙළෙද පොලට නිකුත් කරනවා - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved