27 April 2024
#දේශීය

ඒකාන්තවම තව දින කිහිපයකින් තෙල් මිල ඉහල යනවා – විපක්ෂ නායක සජිත්

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (16) කල්මුණේ රෝහල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ගම්මුදාව,මහවැලි සංවර්ධන ව්‍යාපාරය,ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන,දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැලි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ බව පැවැසීය.

දෛවයේ සරදම වන්නේ ,තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝඩි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමතිවරුම මෙදාමෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න යාමට වීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඒකාන්තවම තවත් දින කිහිපයක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දාන බව පැවසූ විපක්ෂ නායකවරයා එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි යැයි ද පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *