27 April 2024
#Uncategorised

තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුල ඇසුරුම් කර වෙළෙද පොලට නිකුත් කරනවා – ඇමැති ඩග්ලස්

උතුරු පළාතේ නිෂ්පාදනය කරන තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බෝතල් තුළ අසුරා වෙළද පොලට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිලිනොච්චි දිස්ත්‍රික් තල් හා පොල් සමුපකාර සමිතියේ නිලධාරීන් සමග පසුගිය 15 වන දින පැවති සාකච්ඡාවකදීය.

මෙහිදි කිලිනොච්චි ප්‍රදේශයේ තල් හා පොල් ආශ්‍රිතව රැකියාවේ යෙදෙන බොහෝ ජනතාවක් සිටින බවත් ඔවුන්ගේ නිෂ්පාදන නිසායාකාරව අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් එම නිෂ්පාදන විනාශවීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය විශාල වශයෙන් අඩු වී ඇති බවත් සමුපකාර නිළධාරීන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

තවද මෙම නිෂ්පාදන බෝතල් වල අසුරා අලෙවි කිරීමට මෙතෙක් අනුමැතියක් ලබා නොදීම හේතුවෙන් නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් කඩිනමින් මෙම නිෂ්පාදන බෝතල් තුල අසුරා වෙළද පොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා විශේෂයෙන් තල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන බොහෝමයක් උතුරු පළාත කේන්දුකර ගෙන නිෂ්පාදනය කරන බවත් එම නිෂ්පාදන සතියක කාලයක් තුල කල් තබා ගැනීමට හැකිවන පරිදි ඇසුරුම් කර ඒවා අලෙවි කිරීම මගින් නිෂ්පාදකයන්ට හොද මිලක් ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *