• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩකරන පන්තියේ සුබසාධන සඳහා ලෝක බැංකු පුළුල් ලෙස දායකවීම අත්‍යාවශ්‍යයි- ඇමැති නිමල්

9 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ වැඩකරන පන්තියේ ජනතාවගේ සුබසාධනයත් ඉහළ මට්ටමක තිබිය යුතු නිසා ලෝක බැංකුව සිය ආධාර ලබා දීමේදී භෞතික දියුණුවටසේම කම්කරු පන්තියේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙනුත් ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරී ප්‍රධානී රෙනේ ලිඔන් සොලානෝ (Rene Leon Solano) මහතා සමග ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

අද අප රටේ පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු පනස් පන්දහසකට (55,000) වඩා පවතිනවා.එහෙත් තරුණ පිරිස පෞද්ගලික අංශයේ රැකියා සඳහා යාමට මැලිකමක් දක්වන්නේ ඔවුන්ට රාජ්‍ය අංශයේ මෙන් විශ්‍රාම වැටුප් වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රැකවරණ වැඩ සටහනක් නොමැති නිසා බවත් රටේ තරුණ පිරිස පෞද්ගලික අංශයේ රැකියා සඳහා ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ට සිය අනාගතය පිලිබඳ ස්ථිර රැකවරණයක් ලබා දෙන වැඩ පිළිවෙලක් අප ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා පැවසිය.

ඒ සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කිරීමට මේ වන විටත් අපි මූලික කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා තාක්ෂණ සහයෝගය සහ පදනම් අරමුදල ඇති කිරීමට ලෝක බැංකුවේ සහාය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට විගමණික ශ්‍රමිකයන්ට විශේෂ රක්ෂණ ක්‍රමයක් සහ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී ලෝක බැංකුව නියෝජිතයන්ට පැහැදිලි කර දුන්නේ ය.

මේ වන විට මාලදිවයිනේ හා ඉක්වදෝරයේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළ පිළිබඳ කරුණු සොයා බලා ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ අරමුදලට එම වැඩසටහන් ආදර්ශයක් කර ගන්නා ලෙස ලෝක බැංකු නියෝජිතයන් මෙහි දී ඇමැතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.

පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති, හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවක් තුළින් මේ පිළිබඳ අධ්‍යයනය කරන බව අමාත්‍යවරයා පැවසූ අතර ,ඉදිරි වර්ෂයේ ලෝක බැංකුවේ අරමුදල් සැලැස්මට ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ අරමුදල ඇරඹීමට තාක්ෂණ සහයෝගය හා මූලික අරමුදල් ප්‍රාග්ධන සැපයුම ලබාදීමද ඇතුලත් කරන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ගයාන් කෞෂල්‍ය මහතා ද සහභාගී වූහ.

Post Views: 12
Previous Post

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තරගාවලි හරහා මාවත විවරවනවා – ඇමැති නාමල්

Next Post

සබිතාගේ බිල්ඩින් ගත්තේ නෑ ..චම්පික වෙන දේ බලාගන්න – ඇමැති මහින්දානන්ද

editor

editor

Next Post

සබිතාගේ බිල්ඩින් ගත්තේ නෑ ..චම්පික වෙන දේ බලාගන්න - ඇමැති මහින්දානන්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්ථානාධිපති බැණ වැදුණු බව කියා පොලිස් කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

ස්ථානාධිපති බැණ වැදුණු බව කියා පොලිස් කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

23 February 2026
අකුරේගොඩ ඝාතන සිද්ධියට  තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

23 February 2026
කටුනායකදී රු. ලක්ෂ හැටක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කටුනායකදී රු. ලක්ෂ හැටක නීතිවිරෝධී දුම්වැටි සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

23 February 2026
තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරම් මුහුදේ නීති විරෝධී ලෙස  මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින්  12ක් නාවික හමුදා භාරයට

මන්නාරම් මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

23 February 2026
සමාජ සේවා ආයතන නඟාසිටුවීමට  රජයේ සහ පළාත් සභාවල සහාය අත්‍යවශ්‍යයි -රනිල් වික්‍රමසිංහ

සමාජ සේවා ආයතන නඟාසිටුවීමට රජයේ සහ පළාත් සභාවල සහාය අත්‍යවශ්‍යයි -රනිල් වික්‍රමසිංහ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved