27 April 2024
#දේශීය

සබිතාගේ බිල්ඩින් ගත්තේ නෑ ..චම්පික වෙන දේ බලාගන්න – ඇමැති මහින්දානන්ද

තමා පොහොර සමාගම්වලින් කොමිස් ලබා ගත්තේ නැති බවත් සබිතාගේ බිල්ඩින් ගත්තෙ නැති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේ විවාදයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර මගින් වගාව ශක්තිමත් කල යුතු බවයි.

එහිදී අවේගශිලිව මහින්දානන්ද අලුත්ගමගෙ මහතා පවසා සිටියේ තමා කිසිවිටකත් පොහොර සමාගම්වලින් කොමිස් ලබා ගත්තේ නැති බවයි. තමා හෝ තම අමාත්‍යංශයෙ කවරෙකු හෝ එය සිදු කරයින්නම වහාම තමාට දැනුම් දෙන ලෙසත් එහිදී එම පුද්ගලයාව ගෙදර යන බව අමාත්‍යවරයා පැවසිය.

ශාක නිරෝධායන පනත නිවැරදිව ක්‍රියාත්මක කරන බවත් තමා කෙලින් හිටියේ නැතිනම් මේ කටයුත්ත නිසි ලෙස කිරීමට නොහැකි බව ද හෙතෙම පැවසිය. චම්පික රණවක මහතා විසින් තමාට එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ඔහුට සිදු වෙන දේ බලා ගන්න යැයි අමාත්‍යවරයා මෙහිදී අවේගශිලිව කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *