27 April 2024
#දේශීය

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තරගාවලි හරහා මාවත විවරවනවා – ඇමැති නාමල්

කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර වුවද ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මෙවැනි තරගාවලි හරහා මාවත විවරවනවා තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි (Hon. Ibrahim Mohamed Solih) ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස පල කලේය ” “අපේ රටේ ක්‍රීඩාංගණ ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට සුදුසු බව පෙන්වීමට මෙම තරගාවලිය ඉතාමත් හොද අවස්ථාවක්. අපේ ක්‍රීඩාංගණ, අපේ යටිතල පහසුකම් ජාත්‍යන්තර තරගවලට භාවිතා කිරීමට සුදුසුයි කියන පණිවිඩයත්, එන්නත්කරණය අවසන්වීමත් සමගම කොවිඩි 19 වසංගත කාල සීමාවෙන් පසු හා වසංගත තත්ත්වය අතරතුර ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මාවත විවර වෙනවා කියන පණිවිඩයත් මෙමගින් ලබා දෙන්න අපට පුලුවන් වුණා. මාලදිවයින කියන්නේ අපේ අසල්වාසී රටක්. ඒ වගේම අපේ රටේ ජනතාව සමග ඉතාමත් සමීප සබදතා පවත්වමින් සහයෝගයෙන් ජීවත් වෙන රටක්. රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක මාලදිවයින් පාපන්දු ක්‍රීඩාව ඉතාමත් හොද ස්ථානයක තිබෙනවා.

 

මෙම අවස්ථාවට අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරුන්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *