• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරදකරුවන් හොයනවාට වඩා ආර්ථිකය ගොඩගැනීම වැදගත් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

20 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති මේ මොහොතේ සිදු කළ යුත්තේ එහි චූදිතයන් සෙවීම නොව ආර්ථිකය ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පසුගිය දා 16 වනදා එක්වෙමිනි.

භාණ්ඩ අපනයනය සඳහා සූදානම් කරවීම, ආනයනික භාණ්ඩ මුදා හැරීම සහ නීති විරෝධී භාණ්ඩ ආනයනය කිරීම සොයා බැලීම සඳහා ස්ථාපිත ස්කෑන් යන්ත්‍ර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහි දී අමාත්‍යවරයා විශේෂ අවධානයට ලක් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සියඹලාපිටිය මහතා “1994 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 25%ක් විතර රාජ්‍ය ආදායම තිබුණ. නමුත් අද අපි ඉන්නෙ 8%ක වගේ මට්ටමක. එතන ඉඳන් තමයි කියන්නෙ අපට ඩොලරුත් නෑ, රුපියලුත් නෑ කියල. තියෙන්න විදියක් නෑනෙ. උදාහරණයක් විදියට ගත්තොත් 2021 අපේ මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1464යි. වියදම රුපියල් බිලියන 3522යි. ආදායම වගේ 240%ක් වියදම. මුදල් අච්චු ගැහුවොත් උද්ධමනය ඉහළ යනවා. අන්න ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කිරීමට අපට විශාල වගකීමක් තියෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8%ක මට්ටමේ තියෙන රාජ්‍ය ආදායම අපි 15% දක්වාවත් වැඩි කළ යුතුයි. අපට ඉතාම දක්ෂ රේගු නිලධාරීන් පිරිසක් ඉන්නවා. මම ඒ ගැනත් මෙතන දි සඳහන් කළ යුතුයි. අපි පසුගිය අයවැයෙන් කිවුව රේගුවට මේ වසර ඇතුළත රුපියල් බිලියන 715ක ආදායමක් හොයල දෙන්න කියල. ඇත්තටම කියන්න සතුටුයි අගෝස්තු 31 වෙනකොට ඉන් 60% ආදායමක් ලබා ගෙන ඉවරයි. ඒ කියන්නෙ අපට ඉලක්කයට යන්න පුළුවන්. අපි මේ සඳහා ජාතියක් විදියට අලුතෙන් හිතන්න ඕනෙ. ඇත්තට ම අපි දේශපාලනික වශයෙන් බෙදිල හිටියෙ. අපි අතර විවිධ බෙදීම් තිබුණ. අපි දන්නව ලොකු අරගලක් වුණා. නව නායකත්වයක් පත් වුණා. අපට අපේ ආකල්ප වෙනස් කරගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. මමත් මේ දවස්වල හිතුවක්කාර ශිෂ්‍යයෙක් වෙලා තියෙනවා. මොකද අංක එකට අපට හිතන්න වෙලා තියෙනවා රට ගැන. ඉස්සර අපි මුලින් ම හිතුවෙ තමා ගැන. පස්සෙ පක්ෂය ගැන. අන්තිමට ම තමයි රට ගැන හිතුවෙ. නමුත් අද සියල්ල පසෙක දාල රට ගැන හිතන්න වෙලා තියෙනවා. එතනදි කරන හිතුවක්කාරකමක් වුණත් මම වරදක් ලෙස දකින්නෙ නෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

පන්සල්වල විදුලි බිල ඉහළ දමන්නේ කැමැත්තෙන් නෙමෙයි…ආර්ථිකය නිසයි – මන්ත්‍රී සාගර

Next Post

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ – අගමැති

editor

editor

Next Post

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025

Recent News

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved