27 April 2024
#දේශීය

කැළණි ගග දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් ඇති බව අනාවරණ වේ

කඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කැළණි ගග දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසරවේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ දී සියලුම පරිසර සංවිධාන නියෝජිතයින් සමග අමාත්‍යවරයා පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිවි තිබේ.

විශේෂයෙන් පරිසර සංරක්ෂණය උදෙසා ඒ් ඒ් පාර්ශ්ව වෙතින් ඉදිරිපත් කෙරෙන යෝජනා හා අදහස් පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.

එහිදී පරිසරවේදීන් පෙන්වා දෙනු ලැබුයේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රය වන කැළණි ගග අපවිත්‍රවීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩ පිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි. විශේෂයෙන් කඩුවෙළ සිට පෑළියගොඩ පාළම දක්වා වු ගග දෙපස ප්‍රදේශයේ කර්මාන්ත ශාලා 7000ක් තිබෙන අතර ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඇත්තේ කර්මාන්ත ශාලා 3000කට පමණක් බවද, ඉතිරි 4000ටම පරිසර වාර්තා ලබා ගෙන නොමැති බවත් අවධාරණය කරනු ලැබීය.

අනෙක් කාරණය නම් මෙම කර්මාන්ත ශාලා වලින් පිට කරන අපජලය බැහැර කිරිමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පැහැදිලි දායකත්වය ලබා දිය යුතු බවත් ඔවුහු පැවසූහ. එමෙන්ම කැළණි ගග දෙපස පදිංචි ඇතැම් පුද්ගල නිවාස සඳහා විදිමත් වැසිකිළි පද්ධති නොතිබීමත් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය කැළණි ගගේ ජලයට මුසුවීමට ඉඩ ඇති බවද, එම හේතුවෙන් ඊ- කොලි බැක්ටිරියාව පවා ජලයට එකතු වීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කැළණි ගග දෙපස ඇති පරිසර වාර්තා ලබා නොගෙන ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කර ඊට අදාල වාර්තා තමන්ට ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

එමෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා තමන් ඉදිරියේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ පරිසර ආරක්ෂණ බලකායක් අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ඒ් යටතේ දිවයිනේ ගංගා 103ක් සංරක්ෂණය උදෙසා පුලුල් වැඩ පිලිවෙළක් ආරම්භ වන බැවින් කැළණි ගග මෙන්ම නාගරිකව පානීය ජල අවශ්‍යතා සපුරන අනෙකුත් ගංගාධාර සංරක්ෂණය උදෙසා පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *