27 April 2024
#ක්‍රීඩා

Road To Olympics වැඩසටහන ඇරඹෙයි

ආසියාවේ අභිමානයට පත්වීම සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි ක්‍රිඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2028 ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින් “ Road To Olympics ” වැඩසටහන දියත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22 ක අවුරුදු 12 ක් වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අධ්‍යාපන කලාපයකින් ක්‍රීඩකයින් 25 ක් හා ක්‍රීඩීකාවන් 25 ක් ඇතුළත්ව අධ්‍යාපන කලාප 22 කින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100 ක් තෝරාගෙන මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

සහජ දක්ෂතා වලින් හෙබි, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ජාතික හා ජාත්‍යන්තර තලයේ තරඟ ජයග්‍රහණ අත්කර ගැනීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

එම වැඩසටහන දියත් කිරීම 2020.10.02 දින ප.ව. 2.00ට අධ්‍යාපන කලාපයේ පුහුණු මධ්‍යස්ථාන පාසල්වල පැවැත් වේ. මේ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී – ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන් සහභාගි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *