• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාගේ ජිවන තත්වයන් උසස් කර ගැනීම රජයේ වගකීමක් – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

15 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රජය බලයට පැමිණෙනුයේ දේශීය සහ විදේශීය අභියෝගයන් මධ්‍යයේ බවත් ජනතාවගේ අපේක්ෂා හදුනාගෙන ඔවුන්ගේ ජිවන තත්වයන් උසස් කර ගැනීම රජයේ වගකීමක් වන බවත් ඒ සඳහා 2022 අයවැය තුළින් විශාල වෙනසක් මේ රට තුළ සිදුවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා අදහස් දක්වමින්, “2022 සඳහා වන අයවැය ක්‍රියාත්මක කිරීම සදහා වන සියලු වැඩපිළිවෙළ අපිට ඊයේ වෙනකොට අවසන් කරන්න ලැබුණා. ගරු මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් හා ප්‍රධාන අමාත්‍යාංශ දරන ලේකම්වරු, දිසාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කැඳවලා වැඩමුළුවක් පැවැත්වුවා 2022 අයවැයෙන් වෙන් කරලා තිබෙන රුපියල් මිලයන 85,000 ක මුදල වියදම් කරන්නේ කියලා. අපි දන්නවා මෙවර අයවැයේ ප්‍රතිපාදන කාර්තු ක්‍රමයකට තමයි වියදම් කරන්නේ. ගරු මුදල් ඇමතිතුමා දින 02 ට පෙර පළමු කාර්තුව සඳහා වන වොරන් බලපත්‍රය අත්සන් කළා. ඒ නිසා ජනවාරි මාසයේ පළවැනිදා සිට පුළුවන්කම තිබෙනවා අයවැයට ප්‍රතිපාදන ප්‍රායෝගික තලයේ වියදම් කරන්න. රජයේ මූලික පරමාර්තය තමයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමයි. ලෝකයේ මේ වසංගත තත්වයත් එක්ක අපි දැක්කා සමස්ථ නිෂ්පාදන ජාලයම අඩපන වුණා. ඒ නිසා අපි රජයක් විදිහට අභියෝගයක් ලෙස භාරගෙන මේ නිෂ්පාදන ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ. මේ අයවැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන තුළින් ගමකට රුපියල් මිලියන 03 ක් ද පළාත් පාලන කොට්ඨාශයකට මිලියන 04 ක් ද ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට මිලියන 100 ක් ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ගරු උප සභාපතිවරුන්ට මිලියන 20 ක් විදිහට ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. ඊට අතිරේකව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුටම මිලියන 15 ක මුදලක් වෙන් කරලා තිබෙනවා. මේ මුදල් භාවිතා කිරීමේදී කිසියම් ආකාරයක නිර්ණායකයන් හදුන්වා දුන්නා. අවම වශයෙන් මේ වෙන් කරන ලද මුදල් වලින් 40% ක් ජිවනෝපාය සංවර්ධනයටත් 40% ක්, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයටත් 10% ක්, පරිසරය හා තිරසාර සංවර්ධනයටත් 10% ක්, සමාජ සුබසාධන කටයුතු සඳහාත් වැඩි කෙරුණා. ඒ නිසා කාටත් පුළුවන්කමක් නෑ තමන්ට අභිමතාකාරයට මේ මුදල් වියදම් කරන්න. මේ මුදල් වැය කරන්නේ කාර්තු ක්‍රමයටයි. ජනවාරි මාසයේ 01 දා සිට මේ රටේ ග්‍රාමසේවා වසම් 14,022 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එනයින් අපිට බලන්න පුළුවන්කමක් තිබෙනවා විශාල වෙනසක් මේ රටේ නිෂ්පාදන ආර්ථිකය තුළ සිදු වෙනවා ද කියලා. අපි රජයක් විදිහට ගත්තාම මේ මහජන වගකීම පිළිබඳව කිසිසේත්ම පසුබෑමකට ලක්වෙලා නෑ. අපේ ආණ්ඩුව බලයට පත්වෙච්චි මුල් දවසේ ඉඳලා විශාල අභියෝගවලට මුහුණදිපු රජයක්. අපිට පුළුවන්කම ලැබුණා මේ රටේ මිලියන 21 මහජනයාට තමන්ගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කරන්න. අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලිකව මේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළීබඳව කරුණු විමසා බලලා ඒ වැඩපිළිවෙලේ නිරතවෙලා අපි හැමෝටම ජිවත්වීමේ අයිතිය තහවුරු කර දුන්නා. මේ වර්තමාන විපක්ෂය මේ ආණ්ඩු බලය ගන්න නොවේ මහන්සි වෙන්නේ. ඒ අය උත්සහ කරන්නේ ජනතාව පුළුවන් තරම් පීඩාවට පත් කිරීම හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නයි. ඒ නිසා මේ සිදුවෙමින් පවතින්නේ ජනතාව පීඩාවට පත් කරලා ආණ්ඩුව යම්කිසි අපහසුතාවයකට පත් කිරීමයි.
මේ රට 2020,2021 අවුරුද්දේ කොපමණ කාලයක් මේ රට වහලා තිබුණද? ලංකාවට මෙන්ම ලෝකයේ හැම රටකටම විදේශ මුදල් ලැබෙන ප්‍රධාන මාර්ග සියල්ලම වැසුණා. සංචාරක ව්‍යාපාරය හරහා අපිට ලැබුණු බිලයන 05 ට ආසන්න මුදල් ප්‍රමාණය අපිට පහුගිය අවුරුදු 02 ම ලැබුණේ නෑ. එසේම විදේශ ප්‍රේෂණ අපි අපේක්ෂා කර මට්ටමට ලැබුණේ නෑ. රටට ඩොලර් විදිහට ආදායම් ලැබෙන මාර්ග සියල්ල ඇහිරිලා තිබෙන්නේ. නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක වුණේ නෑ. අර්බුදකාරි තත්වයක් තිබෙන්නේ. මොන මතයක් සමාජය තුළ තහවුරු කරන්න උත්සහ කළත් කවදහරි දවසක මේ ඇත්තට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා මේවා අලුතින් කතා කරලා මහජනතාව නොමඟ යැවීම නොවේ විපක්ෂයක් ලෙසින් කළ යුත්තේ. විපක්ෂයක් විසින් කළ යුත්තේ රජයට කිසියම් ආකාරයේ මඟ පෙන්වීමක් කිරීමයි.

මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛනය අවසානය කරමින් මේ රටේ සියලුදෙනා සඳහා සුවිශේෂි පණිවිඩයක් දුන්නා. කිසිම අවස්ථාවක මේ ණය පැහැර හැරීම්, කිසිම හේතුවක් නිසා මේ රටේ ආහාර අර්බුදයක් සිදු වෙන්නේ නෑ. මේ තමයි පවුලක තාත්තා තමන්ගේ දරුවන්ට යම්කිසි අවස්ථාවක අර්බුදයක් පැන නැගී තිබෙනකොට දෙන විශ්වාසයක් හා සමාන එකක්. ඒ නිසා මේ රටේ මහජනතාවට ඉතාම විශ්වාසයෙන් යුක්තව කියනවා මේ සමාජගත කිරීමට උත්සහ කරන කිසිදු දෙයක් මේ මහ පොළොවේ සිදු වෙන්නේ නෑ.” යැයි මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

බෙදුම්වාදයට හිස එසවීමට කිදු ඉඩක් නෑ – ආරක්ෂක ලේකම්

Next Post

බැසිල් ගියේ පුංචි නිවාඩුවකට බුද්ධික වික්‍රමාදර කියයි

editor

editor

Next Post

බැසිල් ගියේ පුංචි නිවාඩුවකට බුද්ධික වික්‍රමාදර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved