27 July 2024
#දේශීය

ඇඳිරී නීතිය ගැන තීරණ ගන්නේ රජයේ ඉහල මට්ටිමින්

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එසේම ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *