සංවර්ධනය වූ රටවලට පවා පාලනය කර ගත නොහැකි මට්ටමකට පැතිරී යමින් පවතින COVID-19 වෛරසය ශ්‍රී ලංකාව වැනි රටක ව්‍යාප්ත වුවහොත් කෙතරම් සෞඛ්‍ය අංශ ශක්තිමත්ව ක්‍රියා කළ ද එය පාලනය කිරීම ඉතා අසීරු කටයුත්තක් වන බවත් මෙරට පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරී ඇති රටවලින් මෙරටට පැමිණෙන සියලු දෙනා දින 14 ක නිරෝධායනයට ලක්කිරීමට අනිවාර්යයක් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
ඇමතිවරිය මේ බව සඳහන් කර සිටියේ ඊයේ(11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින්ය.
ආණ්ඩුවක් ලෙස වගකීමෙන් මේ සම්බන්ධව කටයුතු කරන බවත් එහිදී ඇය සඳහන් කල අතර පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසයට ගොදුරුව කොළඹ උණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එම පුද්ගලයා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර දැනටමත් ලබා දෙමින් සිටින බවත් පැවසුවාය.
කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී පවතින ඉතාලිය, චීනය, දකුණු කොරියාව වැනි රටවල සිට පැමිණෙන සියලු දෙනා දින 14 ක අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බවත් මෙහි දී කියා සිටියාය.
එමෙන්ම නිරෝධායන කටයුතු සඳහා මෙරටට පැමිණෙන සහ මෙරට ජිවත් වන සියලුම ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් වෛරසය පැතිරීම සඳහා ගත යුතු අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටි අතර වඩා වැදගත් වන්නේ මෙරට ජිවත් වන ජනතාවට මෙම වෛරස වැළඳීමේ ඉඩකඩ අවම කිරීම බවත්, එය පැතිරීම වැළක්වීම බවත් කියා සිටී අමාත්‍යවරිය ඒ සඳහා මෙරටට පැමිණෙන එකී විදෙස් ගත ශ්‍රමිකයින් සියලු දෙනා කිසිඳු බලපෑමකට හෝ විරෝධයකට යටත් නොවන බවත් පැවසූ අතර මෙසේ අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බව ද මෙහි දී අවධාරණය කර සිටියාය.