27 April 2024
#දේශීය

නාම යෝජනා භාර ගැනීම අද (12) ඇරඹේ !

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වන බව මැතිවරණ කොමිසම දැන්ව ඇත.

 

ඒ අනුව, නාම යෝජනා භාර ගැනීම හෙට (12) සිට 19 දා දක්වා සතියේ දින වල පමණක් පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා සිදු කෙරෙන අතර ඇප මුදල් තැන්පත් කිරීම මාර්තු 18 වන දා දහවල් 12 දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල වල දී සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසම සඳහන් කර සිටියි.

මෙම නාම යෝජනා භාර දෙන අවස්ථාව සඳහා සහභාගී විය හැක්කේ දේශපාලන පක්ෂයක ලේකම්වරයා විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු හෝ කණ්ඩායම් නායකයා ඇතුළු අපේක්ෂක ලයිස්තුවේ දෙදෙනකු සමඟ 04 දෙනකුට පමණක් බවත් වෙනත් කිසිවෙකුට ඊට අවස්ථාව නොලැබෙන බවත් අවශ්‍ය උපදෙස් සියල්ල මේ වන විට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දන්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *