• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

බිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවීම දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා – සී.බී

11 November 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය තුළින් බිඳ වැටුණු ආර්ථිකය නැවතත් ගොඩනැගීම සඳහා ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවත් ඒ සඳහා කඩිනම් විසඳුම ලබාදීමට 2022 සුදානම් බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවෙ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි අමාත්‍ය සී.බී.රත්නායක මහතා මෙසේ අදහස් පල කලේය “අපි හෙට දවසේ අපේ රජයේ අයවැය ප්‍රකාශ කරන්න නියමිතයි. ඒ වගේම ඉතිහාසයට එක්වන රාජපක්ෂවරුන්ගේ අයවැය ප්‍රකාශ කිරීම හෙට දිනයේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයට එක්වන දිනයක් වෙනවා. ලෝක වසංගතය ඇවිල්ලා ලෝකයම සමාජය තුළත් ආර්ථික වශයෙනුත් විශාල පසුබෑමක් තිබෙන වෙලාවක රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම භාර ගත්ත, දේශපාල වශයෙන් හිතන්නේ නැතිව තමන්ගේ රටේ ආර්ථිකය, ග්‍රාමීය මට්ටමෙන් ඉහළට ගෙන ඒමට වගකීම භාර ගත්ත මුදල් ඇමතිවරයා හැටියට කාර්ය භාර්යය බැසිල් රාජපක්ෂ මැතිතුමා හෙට දවසේ ඉෂ්ඨ කරනවා. මෙතුවක් කල් තිබ්බ අයවැය ඉදිරිපත් කරන කොට අපි බලාපොරොත්තු වුණ කාර්ය මේ ආකාරයෙන් සිදු වෙයිද කියලා කුතුහලයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නොහිතපු අවස්ථාවක කොරෝනා වසංගතයට විශාල මුදලක් වැය කරන්න සිදු වුණා. ඒ වගේම අපි අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අපේ කාර්ය භාර්ය ඉෂ්ට කරන්න සිදු වෙලා තිබෙනවා. මේ තත්වය උඩ තරඟ කරමින් අපිට ඉස්සරහට යන්න වෙලා තිබෙනවා.

නමුත් පහුගිය 2015 රට භාර ගත්ත යහපාලන ආණ්ඩුව ට්‍රිලියන 06 ක් විතර ණය අරගෙන වාරය චීනයට විකුණා දමමින් ගත්ත මුදලුත් එක්ක කරපු කාර්යයන් වනනේ කහ ඉර සුදු කරපු එකත්, රන් පැහැයේ තිබුණු පහේ කාසිය සුදු කරපු එකත් විතරයි කළේ. ඔවුන් හිතුවක්කාර ලෙස භාණ්ඩාගාරයෙන් මුදල් මංකොල්ල කාපු ආකාරය, ක්‍රියා කරපු ආකාරය, මහමොළකරුවන් හැටියට කටයුතු කරමින් රටේ ආර්ථිකය විනාශ කළා. හිස් කරපු භාණ්ඩාගාරයක් ලබාගන්න කොට අපිට ව්‍යසනයක් ආවා. ඒ ව්‍යසනයන් සමඟ තමයි අපිට රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් ලැබුණේ.

ජිවිතේ පරදුවට තියලා පේදුරුතුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වා ගුරුවරුන් කොළඹට ගෙනල්ලා දෙන්නෙක්ගේ චරිතයක් ඉහළට ගේන්න, මිනිස් ජිවිත උදුර ගන්න කටයුතු කරපු ආකාරය සහ පුහු ආටෝප සහ මිනිස් ජිවිතය ඇපයට තියලා ඔවුන්ගේ චරිත ගොඩනගා ගන්නා ආකාරය දැක්කා නේද? මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ අභිමතය. මේක තමයි ස්ටාලින්ගේ අභිමතය. මේකට තවදුරටත් රැවටෙන්න එපා කියලා.

ආදරණිය වෘත්තිය සමිතින්ගෙන් සහ සහෝදර සහෝරියන්ගෙන් ඉල්ලන්නේ මේ කාරණය විසදන්න සැබෑ ලෙස මහපොළොවේ ජනතාව වෙනුවෙන් ආදරය දිනා ගත්ත කම්කරු නායකයෙක්ට විතරයි පුළුවන් වෙන්නේ. ඒ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමදාම අරගලයක් තුළ, ප්‍රශන ගත අවස්ථාවක ඔවුන්ට විසඳුම් ලබා දිලා තිබෙනවා. ඒ නිසා මේ අර්බුදකාරි තත්වයක් තුළ අයවැයෙන් විශාල මුදලක් ලබාදීලා තිබෙනවා වගේම මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරලා තිබෙනවා.

මුදල් අමාත්‍යතුමා හෙට දවසේ ඉදිරිපත් කරන අයවැය ලේඛණයේ මම බලාපොරොත්තු වෙනවා ජනතාවාදි අයවැයක් හැටියට , ගම හදලා රට හැදීමේ කාර්යය සඳහා අත ගහනවා කියලා. සෑම ග්‍රාම සේවා වසමකටම ලක්ෂ 30 ගාණේද, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රාදේශීය නායකයන්ට ගම හැදීම සඳහා මිලියන 04 ක මුදලක් ලබා දෙන්න සූදානම් කරලා තිබෙනවා. ඒ තුළින් ගමේ සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීමට වැඩපිළවෙළක් සකස් කරලා තිබෙනවා.

ඊයේ ගුරු වැටුප් ප්‍රශ්නයට අයවැයින් විසඳුමක් ලබාදිලා තිබෙනවා. ඒ වගේම ගොවීන්ගේ ප්‍රශ්නයක් ද තිබෙනවා. ඒ සඳහා කෘෂි පොහොර වර්ග ලබාදීමට ද මේ අයවැයින් ඉදිරිපත් කරන සාධනීය කරුණු තුළින් විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා මගේ විශ්වාසයයි.

ඒ වගේම උපාධිදාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට අනිවාර්යයෙන් මුදල් ඇමතිතුමා ඒ සඳහා අවකාශය ලබා දෙනවා. එසේම විරැකියාව සඳහා ද පිළීතුරු සොයන්න අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. අපි අපේ ගමන ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඉස්සරහට යන්න සූදානම් වෙලා තිබෙනවා. පහුගිය අවුරුදු 05 දි කරන්න බැරි දේවල් මේ අවුරුද්දෙන් කරන්න කියලා යහපාලන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියනවා. ඔවුන් දැන් රට හදන්න කතා කරනවා.

ගරු ජනාධිපතිතුමා ඊලඟ පරපුර සඳහා අවස්ථාව සලසා දීමට අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙන්නේ. මේ රට ඉස්සරහට ගෙනියන්න අපි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
මේ කොවිඩ් 19 තුළින් බිඳ වැටුණු ආර්ථිකය පුනරුත්පානය කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළක් 2022 වෙනකොට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය වෙනවා. එසේම භාණ්ඩවල මිල ඉහළ යාමේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විශේෂ වැඩිපිළවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා මේ ජනතාවට සහනය සලසන අයවැයක් සූදානම් කරන්නේ. ”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

විශ්‍රාමිකයන්ගෙන් මාසිකව රු 600 කපන තීරණය රජය වහා හකුළා ගත යුතුයි – මන්ත්‍රී ඉරාන්

Next Post

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඇරඹෙයි!

editor

editor

Next Post

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඇරඹෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved