27 April 2024
#ව්‍යාපාර

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඇරඹෙයි!

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුව(2nd Regional Conference on Industrial Development -The 2nd RCID 2021) ඊයේ(10) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරැඹිණි.

සමාරම්භක සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ(Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ආසියා පැසිපික් කලාපයේ සාමාජික රටවල් 26හි කර්මාන්ත අමාත්‍යවරු එක්ව සිටියහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ සමුළුව අමතනු ලැබීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *