27 April 2024
#දේශීය

විශ්‍රාමිකයන්ගෙන් මාසිකව රු 600 කපන තීරණය රජය වහා හකුළා ගත යුතුයි – මන්ත්‍රී ඉරාන්

විශ්‍රාමිකයන්ට අග්‍රහාර රකෂණ ක්‍රමයක් දෙන්න යැයි ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව රු 600 බැගින් කපා ගැනීමට රජය ගෙන ආ යෝජනාව වහා හකුළා ගන්නැයි සමඟි ජන බලවේගය රජයට අවධාරණය කරයි.

එම පක්ෂය අද (11) කැඳ වු මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ පවසා සිටියේ වයස අවුරුදු 70 පසුවූ වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ට ලැබෙන ඉතා සීමිත වැටුපෙන් මෙසේ රු 600 ක් කපා ගැනීම සාධාරණ නොවන බැවින් අය – වැයට පෙර මෙය රජය ඉල්ලා අස්කර ගත යුතු බවයි.

පුද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ප්‍රතිපත්තියක් ලෙස විශ්‍රාම වයස වැඩිකිරීමට සිය පක්ෂය එකඟ බව හෙතෙම පැවසිය.

රජයට මුදල් නොමැති නිසා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාවිත කිරීම සඳහා කරනු ලබන කූට සැලසුම් වලට විරෝධය දක්වනවා යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *