ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ජානක තිස්සකුට්ටිආරච්චි සිදු කරන අහිතකර ප්‍රකාශයන් හේතුවෙන් ඔහුට එරෙහිව පක්ෂය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු තමන් ‘නිල නොලත් ජනාධිපති’ බවට ජානක තිස්සකුට්ටිආරච්චි මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂය විසින් පරීක්ෂණයක් පවත්වා දැඩි අවවාද සිදු කර ඇත. ඔහු විසින් සිදු කරනු ලබන අනවශ්‍ය ප්‍රකාශයන් පක්ෂයට අහිතකර හා අවාසි සහගත බව පක්ෂ සාමාජිකයින් පාලනාධිකාරියට දැනුම් දී ඇත. මීට පෙර ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ සාමාජිකයින් රැසක් පක්ෂය හැර ගොස් ඇති අතර, වර්තමානයේදී ද අනුරාධපුර පක්ෂ සාමාජිකයින් ඔහුට දැඩි විරෝධයක් පළ කරන බව වාර්තා වේ.
















