ජනශක්ති ඉන්ෂුවරන්ස් (Janashakthi Insurance PLC) සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස හසිත ලියනගේ සහ හියු ටෙරී (Hugh Terry) යන මහත්වරුන් පත් කර තිබේ. 2026 අප්‍රේල් 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.
හසිත ලියනගේ මහතා රක්ෂණ ගණිතය (Actuarial Science) පිළිබඳ පසුබිමක් සහිත, ආයතනික මූල්‍ය සහ උපායමාර්ගික උපදේශනය සම්බන්ධයෙන් වසර 15කට අධික පළපුරුද්දක් ඇති වෘත්තිකයෙකි. ඔහු මීට පෙර එක්සත් රාජධානියේ AXA Life ආයතනයේ සහ මෙරට ප්‍රමුඛ රක්ෂණ සමාගම් කිහිපයක මූල්‍ය උපායමාර්ගික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර, වර්තමානයේ ‘Accede Capital’ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.
හියු ටෙරී මහතා ඩිජිටල් පරිවර්තනය සහ රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන පිළිබඳ වසර 30කට අධික ගෝලීය අත්දැකීම් සහිත ප්‍රවීණයෙකි. ඔහු රක්ෂණ වෘත්තිකයන් සඳහා වන ලොව ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාවක් වන ‘The Digital Insurer’ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වේ.
මෙම නව පත් කිරීම් සමඟින් ජනශක්ති ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිනී ඇනිකා සේනානායක මහත්මිය ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පියවර හරහා රක්ෂණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සමාගමේ අරමුණයි.














