• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුහුණු ශ්‍රමිකයින්ට අද සිට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත වෙනවා – අමාත්‍ය මනුෂ 

1 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බව අමාත්‍යවරයා පැවසුවේ ජපානයේ සේවය කිරීමට කම්කරුවන් සඳහා වන නිශ්චිත පුහුණු පරීක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාද අද දින සිට මෙරටට හඳුන්වා දීම නිමිත්තෙන් මෙරට ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ඒම් හිල්මි මහතා සමඟ එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වු අවස්ථාවේදීය.

ඒ අනුව ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය “ ජපානය දශක ගණනාවක සිට අපේ රටට විශාල වශයෙන් සහය ලබාදුන්නා. විශේෂයෙන්ම අපි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට බංකොලොත් භාවයට පත්වුන අවස්ථාවේදී අනෙකුත් රටවල් වලටත් නායකත්වයක් ලබාදෙමින් පැරිස් සමාජය ඇතුලේ වගේම අනිත් සෑම ස්ථානයකදීම ණයකරුවන් අතරේ සාකච්ඡා කිරීම් වලට නායකත්වය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැවන්ත දායකත්වයක් ලබාදුන්නා. ඒ අනුව ජපානය අපිට ලබා දුන්න සහයට ජපාන අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට සියලුම ජනතාවට ස්තූතිය පළකරනවා. ජපානයේ පවතින රැකීරක්ෂා සම්බන්ධයෙන් බලන විට ජපානය විසින් අපිට සුවිශේෂි අවස්ථාවක් ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් ජපානයේ ජීවත්වෙනවා, ඒ වගේම රැකියා කරනවා. ඒ වගේම ජපානය අපිට අලුත් රැකියා අවස්ථා සඳහාද දොරටු විවරකර දී තියෙනවා. ඒ වගේම ඉදිරි වසර පහ ඇතුලතදී ජපානයේ විදේශ රටවල ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවය තුල ලක්ෂ හතලිස් පන් දහසක් දක්වා ඉහළ ගොස් තියෙනවා. අනාගතය ගැන සලකා බලන විට මීටත් වඩා වැඩි රැකියා ප්‍රමාණයක් ජපානය තුල විවෘත වෙන්න පුළුවන්. ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිතු දම ඉතා ශක්තිමත්. ඒ නිසාම ජපානය විසින් විශාල වශයෙන් මෙරට ශ්‍රමිකයින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ජපාන රැකියා ඉලක්ක කරගනිමින් පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඉගැන්වීම සඳහා අවශ්‍ය මූලික කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගුරුවරු පුහුණු කිරීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ජපන් භාෂාව ඉගැන්වීමට අදාලව දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත්කර තිබෙනවා. මේ අතර ජපන් භාෂා පුහුණු කිරීමේ ආයතන වලට ගාස්තු ගෙවීම් වගේම බාහිර ආයතනයකින් ජපන් භාෂාව ඉගෙන ගෙන විදේශගත වන අවස්ථාවකදී එම මුදල් ප්‍රති පූර්ණය කිරීම වගේ කටයුතු හරහා ජපන් භාෂාව ඉගෙන ගැනීම තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නායකත්වය විදේශ සේවා නියුක්තා කාර්යාංශය විසින් ලබාදෙනවා. ඒ වගේම ඉහළ වැටුප් ලබා ගැනීමේ හැකියාව තියෙන එස්.එස්.ඩබ්ලිව් කියන කාණ්ඩය ඔස්සේ දැනට රැකියා විවෘත වෙලා තියෙන්නේ සාත්තු සේවක, කෘෂි, ආහාර සැකසුම් කියන ක්ෂේත්‍ර වලට විතරයි. මේ නිසාම අපි එම ක්ෂේත්‍ර වලට අමතරව ඉදිකිරීම්, ගොඩනැගිලි පිරිසිඳු කිරීම, ඔටෝ මොබයිල් කියන ක්ෂේත්‍ර වලටත් එස්.එස්.ඩබ්ලිව් ක්‍රමවේදය විවෘත කරගැනීමට අදාල ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත් කළා. ඒ අනුව පසුගිය කාලයේදී අපි ජපානයේ කෘෂිකර්ම, සෞඛ්‍ය, අධිකරණ අමාත්‍යවරුන් ඇතුළු මේ විෂයන්ට අදාල සියලුම අමාත්‍යවරුන් මුණගැසී ඉල්ලීම් කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපිට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමට හැකියාව ලැබී තියෙනවා. ඒ තමයි අද දවසේ සිට ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහාත් එස්.එස්.ඩබ්ලිව් කියන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට ජපානයට යෑමට අවස්ථාව හිමිවෙන මූලික විභාග කටයුතු ආරම්භ වෙනවා යැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසිය.

Post Views: 10
Previous Post

මැතිවරණ කල්දාන්න බලයක් ජනපතිට නෑ – විපක්ෂ නායක සජිත්

Next Post

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ලේදී ලබන 28 වනදා

editor

editor

Next Post

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ලේදී ලබන 28 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved