27 April 2024
#දේශීය

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ලේදී ලබන 28 වනදා

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අරමුණු කර සංවිධානය කරන “ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – ගාල්ල එළැඹෙන 28, 29 සහ 30 යන දිනවලදී ගාල්ල සමනල ක්‍රීඩාංගන පරිශ්‍රෙය්දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙය අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කිරීමේ ජාතික වැඩ සටහන යටතේ ක්‍රියාත්මකයි.

මෙමගින් කර්මාන්ත ක්ශේත්‍ර 24 ක් අනුක්ශේත්‍ර 68 ක් ආවරනය වන පරිදි ප්‍රදර්ශන කුටි 300කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී සුලු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා වෙලඳපල අවස්ථා වැඩිකරගැනීම හා ආයතනය ප්‍රවර්ධනය කරගැනීමට හැකියාවක් ඇත.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේදී දේශීය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි ලබා දීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඒ් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි වෙන්කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මිළගණන් විමසීමට අමතන්න. 0714396529 – සංජීව මහතා / 0112815009 – කාර්යාලය අමතන ලෙස කර්මාන්ත අමාත්‍යාශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *