27 April 2024
#දේශීය

ජොන්ස්ටන්ගේ නිදහස වෙනුවෙන් ආශිර්වාද පුජාවක් 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආශිර්වාද පතා බෝධී පුජාවක් ලබන 25 වනදා බෞද්ධාලෝක විහාරයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමිපතයින් කියා සිටියේ මෙම ආශීර්වාද පුජාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි. 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ සැප්තැම්බර් මස 03 වනදා නියෝග කළේය.
 
මේ අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණය නියෝග කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *