සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අද (27) සමත් වී තිබේ. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින්, අයිස්, කොකේන් සහ මත්පෙති විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් වාර්තාවලට අනුව සොයාගත් මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 565ක් ඇතුළත් වේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් අදාළ සැකකරු වෙත ලබා දී ඇති බවයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේද පිළිබඳව වැඩිදුර විමර්ශන දැනටමත් ආරම්භ කර තිබේ. උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කර ඇත.














