චීන විද්‍යුත් මෝටර් රථ (EV) නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි තරගකාරිත්වයට මුහුණ දීම සඳහා යුරෝපීය වෙළෙඳපොළ තුළ සිය රථවාහන මිල ගණන් අඩු කිරීමට දකුණු කොරියාවේ කියියා (Kia) සමාගම තීරණය කර තිබේ. කියියා ප්‍රධාන විධායක නිලධාරී සොං හෝ-සුං මහතා ප්‍රකාශ කළේ, චීන මාදිලි සහ කියියා රථවාහන අතර පැවති මිල පරතරය මේ වන විට 20-25% සිට 15-20% දක්වා අඩු කර ඇති බවයි.
BYD වැනි චීන සමාගම් යුරෝපය තුළ සිය අලෙවිය සීඝ්‍රයෙන් වර්ධනය කර ගනිමින් සිටින අතර, පසුගිය මාර්තු මාසයේදී පමණක් BYD සමාගමේ ලියාපදිංචි කිරීම් 150% කින් ඉහළ ගොස් ඇත. චීන රජය විසින් සිය විද්‍යුත් රථවාහන කර්මාන්තයට ලබා දුන් සහනාධාර ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟ චීන සමාගම් මේ වන විට සිය අතිරික්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට මුදා හරිමින් සිටී. මෙම ‘මිල යුද්ධයට’ (Price War) සාර්ථකව මුහුණ දීම සඳහා කියියා සහ හුන්ඩායි (Hyundai) සමාගම් සිය ලාභාංශ උපයෝගී කර ගනිමින් යුරෝපයේ සිය වෙළෙඳපොළ කොටස ආරක්ෂා කර ගැනීමට පියවර ගනිමින් සිටියි.














