කුරුණෑගල, හෙරලියාවල අලකොළදෙනිය අතුරු මාර්ගයේදී අද (27) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කාණුවකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.














