චීන ජාතිකයින් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන ජුනි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (28) නියම කළේය.රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
















