• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතුවුවන්ට කොවිඩ් බුස්ටර් එන්නත

10 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ මාසය අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රංශයේ පැරිස් නුවර ෂැංග්‍රිලා හෝටලයේ දි ඊයේ (09) පැවති ප්‍රංශ සංචාරක නියෝජිතායතන හා මාධ්‍යවේදීන් අතර පැවති හමුවක දීය.

එළඹෙන ශීත සමයේ දි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් මෙම හමුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කර තිබිණි. ඒ සදහා ප්‍රංශ සංචාරක නියෝජිත ආයතන හා මාධ්‍යවේදීන් 100කට ආසන්න පිරිසක් සහභාගී වුහ.

අමාත්‍යවරයා මෙහි දි කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින බවයි. නොවැම්බර් 08 වෙනිදා වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් කොවිඩ් එන්නත් එකක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය 71%ක් ද සමස්ථ ජනගහණයෙන් 63%ක් මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ප්‍රංශ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු වීමට රුකුලක් බව පැවසු ඇමතිවරයා මෙම ගුවන් සේවා හදුන්වා දීමත් සමග ප්‍රංශ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණාතාවයක් දක්නට ඇතැයි ද කීවේය.

ඒ අනුව එළඹෙන ශීත සමයේ දි ප්‍රංශ සංචාරකයන් වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය හා ප්‍රංශ ගුවන් සේවය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අපෙක්ෂා කෙරේ.

ප්‍රංශය ගුවන් සේවය පසුගිය 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ අතර සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කරයි. ඒ අගහරුවාදා, සිකුරාදා හා ඉරිදායි. ඉදිරියේ දි එළඹෙන ගිම්හාන සෘතුවේ දි මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ ගුවන් සේවය සමග සාකච්ඡා කරමින් සිටන බව ඇමතිවරයා කීවේය.

පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද වසර 06කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේය. ඔවුන් ද සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කරනු ලබයි. ඒ බදාදා, සිකුරාදා හා ඉරිදාය. ඉදිරයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සිදු කරන සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දි කීවේය.

රට සංචාරකයන්ට විවෘත කිරිමෙන් පසු මෙරටට මේ වන විට සංචාරකයන් 70,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ. කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය. ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලබන වසරේ දි මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් පැවසු ඇමතිවරයා ශ්‍රි ලංකාව ලොවපුරා සංචාරකයෝ පිළිගැනීමට සුදානම් බව ද කීවේය. විශේෂයෙන් ම ප්‍රංශ සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව පැවසු ඇමතිවරයා ඉදිරියේ දි ප්‍රංශයේ එම සංචාරක ප්‍රවර්ධන කටයුතු පුළුල් කරන ලෙස උපදෙස් දී ඇතැයි ද කියා සිටියේ ය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි, ප්‍රංශ ශ්‍රි ලංකා තානාපති ක්ෂණිකා හිරඹුරේගම වන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Post Views: 17
Previous Post

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලැබෙයි

Next Post

16 වනදා සජබ වෙනුවෙන් කොළඹ එන සෑම පුද්ගලයෙකුම PCR කරන්න – තිස්ස කුට්ටිආරච්චි

editor

editor

Next Post

16 වනදා සජබ වෙනුවෙන් කොළඹ එන සෑම පුද්ගලයෙකුම PCR කරන්න - තිස්ස කුට්ටිආරච්චි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved