මෙරට ඉන්ධන මිල ඉහළ යෑමට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට අමතරව නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ ප්‍රිමියම් ගාස්තු යන සාධක ද බලපෑ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. දෙරණ ‘වාදපිටිය’ වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.ලෝක වෙළෙඳපොළේ මිල සියයට 100කින් ඉහළ ගිය අවස්ථාවක වුවද, ජනතාවට දරාගත හැකි මට්ටමක මිල පවත්වා ගැනීමට රජය උත්සාහ කරමින් ලංකාවේ මිල සියයට 40කින් පමණක් ඉහළ දැමූ බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. රට තුළ ඉන්ධන හිඟයකින් තොරව අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යෑම රජයේ මූලික අරමුණ බවත් ඇය අවධාරණය කළාය.තවද වත්මන් රජයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන බවත්, අර්බුද හමුවේ අයුතු ලාභ ලැබීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවත් ඇය පැවසුවාය. ලෝක වෙළෙඳපොළේ මිල අඩු වන සෑම අවස්ථාවකදීම එහි වාසිය සෘජුවම ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවත්, ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයකින් සිදුවන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.
















