• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රැකියා සදහා ඉහල නිපුණතාවයෙන් බල ගැන්වූ ශ්‍රමිකයන් යැවිමේ සූදානමක් – කම්කරු අමාත්‍යංශය

27 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීක නිපුණතාවයන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි.

එම වැඩසටහන කම්කරු අමාත්‍යංශය හා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වනදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත් වුණි.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන ප්‍රධානී සරත් ධාෂ් මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ පැවති මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ , විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනාහම් ඇතුළු නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ IOM සංක්‍රමණ අංශ ප්‍රධානී ශාන්ත කුලසේකර මහතා පෙන්වා දුන්නේ ඉහළ නිපුනතාවයෙන් යුක්ත ගෘහ පාලිකාවක් හතළිස් දහසක් (40,000) සහ වෙනත් වෘත්තීන් සඳහා 60,000ක පමණ පිරිසකට විදේශ රටවල මේ වනවිට ඉල්ලුමක් ඇති බවය.එහිදී වෘත්තීය නිපුණතාවය පළපුරුද්ද සේම ඒ රටවල භාෂා දැනුම එම පිරිස් වලට අත්‍යවශ්‍ය සාධකයක් බවය.මෙම වැඩසටහන වසර හතරක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.එම පුහුණුව නොමිලේ ලබාදීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) මෙහිදී එකඟතාවය පළ කළේය.

මෙහි දී අදහස් දැක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ,ඉදිරි මාස තුන ඇතුළත එහි පළමු ව්‍යාපෘතිය ලෙස තෝරාගත් වෘත්තීන් දහයකට අදාළව අවම වශයෙන් ශ්‍රමිකයන් පන්දාහක් ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු පාඨමාලා ආරම්භ කළ යුතු බවය.එහි දී මෙම විදේශගත වන ශ්‍රමිකයන්ට එම රටවල්වල ඉල්ලීමට සරිලන ආකාරයට එම වෘත්තීය පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දිය යුතු බවත් , පවතින පුහුණු විෂය නිර්දේශයන් විදේශ රටවල පවතින ශ්‍රම ඉල්ලුමට අනුකූලව සංශෝධනය කරන ලෙසය.එසේම NVQ පදනම ඉක්මවා ගිය ජාත්‍යන්තරව පිළිගනු ලබන වෘත්තීය පුහුණු සහතිකයක් මෙම පුහුණුව අවසානයේ දී ලබාදීමට කළ යෝජනාවද අමාත්‍යවරයා මෙහිදී අනුමත කළේය. අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ,විශේෂයෙන් පළමුව භාෂා පුහුණුව එම අයට ලබා දෙන ලෙසත් එම පුහුණුව සාර්ථකව නිම කරන අය වෘත්තිය පුහුණුව සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

එසේම විදේශගත වන එම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව,ඉහල ස්ථිර වැටුප් ලබාදීම,එසේම ඔවුන්ට ඉහළ ප්‍රතිලාභ සහිත රක්ෂණ ආවරණයක් ලබා දීම ද කළ යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය.මේ සඳහා ඉදිරි සැලැස්මක් සකස් කරන ලෙසත් විදේශ රැකියා සඳහා පිටත්වීමට නියමිතව සිටින අයට මේ වන විට බරපතළ අර්බුදයක් පවතින කොවිඩ් රෝගය සඳහා වන එන්නත ලබාදීම පිළිබඳව අදාළ බලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඇමතිවරය මෙහි දී පැවසීය. වයස අවුරුදු තිහට අඩු (30 )අඩු පුද්ගලයින් සඳහා කොවිඩ් එන්නත ලබා නොදෙන බැවින්, විදේශගත වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් එම වයස් කාණ්ඩයට ඇතුළත් වන නිසා ඒ පිළිබඳ විශේෂයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට ඇමැතිවරයා මෙහි දී එකඟ විය.

Post Views: 0
Previous Post

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පළාතේ රෝහලේදීම එන්නත විදගන්න අවස්ථාව

Next Post

කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට දිනයේ සිට

editor

editor

Next Post

කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට දිනයේ සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved