• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිර්දෝෂි පුද්ගලයින්ට හොරු කියන අයට නීති ඉදිරියට ගෙන එන්න කටයුතු කරනවා – මන්ත්‍රී සාගර

29 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප රට තුළ ක්‍රියාත්මක කිරීම තුළින් රට ගොඩනැගීමට, ආරක්ෂා කිරීමට, සංවර්ධනය කරා ගෙන යෑමට උරදුන් නායකයින් ආරක්ෂා කිරීමට කටයුතු කළ දිනට අපටද දියණු රටක් වශයෙන් නැගි සිටිය හැකි බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “මේ වන විට අලුතින් දූෂණය පිටුදැකීමේ පනතක් ගෙන එන්න කටයුතු කරලා තිබෙනවා. අපි දිගින් දිගටම කිව්වා රජයක් හැටියට දූෂණය, වංචාව, හොරකම පිටුදැකීම සඳහා මේ රටේ අලුතින් නිති ගෙන ඒම සඳහා පෙනි සිටිනවා කියලා. මේ වන විට මේ රටේ දූෂණ, වංචා වැළැක්වීම සඳහා ඉතාම ශක්තිමත් පනතක් ගෙන එන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරනවා. අප්‍රේල් මාසයේ අවසන් වන විට එය පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න පුළුවන් වෙයි. මේ රටේ දූෂණය, වංචාව පිටුදකිනවා කියලා ආපු රජයන් මෙවැනි පනතක් ගෙන එන්න කිසිම උත්සහයක් නොදරපු තැනක රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවෙච්ච රජයක් තුළ මෙවැනි පනතක් ගෙන ඒම එක්තරා දෛවෝපගත සිදුවීමක් හැටියට අපිට හදුන්වන්න පුළුවන්. ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය රහුල් ගාන්ධි මැතිතුමාව වසර දෙකක කාලයක් සඳහා බන්ධනාගාර ගතකිරීමේ දඩුවමක් ලබාදුන්නා. එතුමාට ඒ දඩුවම ලැබීමට හේතුව වන්නේ වෙනත් මෝදි කියන නම් දෙකක් තිබෙන පුද්ගලියින් දෙදෙනෙක් යම්කිසි වංචනික ක්‍රියාවලකට වැරදිකරු වෙලා තිබෙනවා. ඔහු ජනතා රැලියකදි ප්‍රකාශ කර තිබෙනවා ඇයි මේ සොරකම් කරන පුද්ගලයන්ට මෝදි කියන නම තියෙන්නේ කියලා. හැබැයි මෙවැනි ප්‍රකාශයකට ඔහුට විරුද්ධව කටයුතු කරලා එරට අධිකරණයකින් වසර දෙකක සිර දඩුවම් ලබාදුන්නා. අපි ඉදිරියට ගෙන එන්නට බලාපොරොත්තු වෙන පනතත් මෙවැනි වැරදි පැමිණිලි කරන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් කිරීමට හැකියාව තිබෙන පනතක්. මේ රටේ අද තිබෙන තත්වය කණගාටුදායක තත්වයක්. මේ රට ගොඩනගපු, සංවර්ධනය කරපු, යමක් කරපු හැම නායකයෙක්ටම හොරු කියන ලේබල් එක අලවලා ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කරලා කිසිම දෙයක් නොකරපු මේ රටේ විනාශ කරපු පුද්ගලයින් ඉස්මතුවන ප්‍රවණතාවයක් මේ රටේ ගොඩනැගෙමින් තිබෙනවා. කිසිම පදනමක් නැතිව,ඔප්පු කරන්න කිසිම සාධකයක් නැතුව මේ රට වෙනුවෙන් වැඩකරන නායකයින්ට හොරු කියන ලේබලය අලවන පුද්ගලයින් තමන්ට කිසිම වැඩක් කරන්න බැරි අසාර්ථක වෙච්ච අසමත් වෙච්ච පුද්ගලයින්. මෙය සමස්ථයක් වශයෙන් රටට ඉතාම අහිතකර තත්වයක්. මේ වගේ තත්වයක් තිබුණොත් මේ රටේ වැඩකරන කිසිම පුද්ගලයෙක් මේ රටේ දේශපාලනයට එන්නේ නෑ. ඉදිරියට රාජ්‍ය ආයතනයක තනතුරක් ලබා ගන්නවත් වැදගත් ශක්තිමත් පුද්ගලයෙක් මේ රටේ කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑ. මේ රටේ මෙවැනි පනතක් ගෙනැවිත් මේ වගේ තත්වයක් ඇති කිරීම තමයි මේ රටට කරන්න පුළුවන් හොඳම දේ. ඉදිරියට බොරුවට නිර්දෝෂි පුද්ගලයින්ට හොරු කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරන පුද්ගලයන්ට විරුද්ධව තවදුරටත් කටයුතු කිරීමට තවත් ශක්තිමත් නීති ඉදිරියට ගෙන එන්න කටයුතු කරනවා. ඉන්දියාව අපිට හොඳ උදාහරණයක් සැපයුවේ. අපි එය පාඩමක් හැටියට ගන්න ඕන. අපේ රටේ හැමෝම ඉන්දියාවේ දියුණුව ගැන කතා කළාට ඉන්දියාව දියුණුවෙලා තිබෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ නෑ. තමන්ගේ ජාතික නායකයින්, රට බේරගත්ත නායකයින් ආරක්ෂා කරන්න ඉන්දියාවේ ක්‍රමවේදයක් තියෙනවා. අපිත් එවැනි දේවල් ඇති කළයුතුයි මේ රට ඉදිරියට යන්න නම්. අපේ රට ගොඩනගපු, අපේ රට ආරක්ෂා කරපු, සංවර්ධනයට ගෙනගිය නායකයින් ආරක්ෂා කරන්න අපේ රට කටයුතු කරපුදාට අපිටත් දියණු රටක් හැටියට නැගි සිටින්න පුළුවන්.”යැයි මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

මන්ත්‍රී දුමින්දගේ උපන් දිනය වෙනුවෙන් පා අහිමි අයට කෘත්‍රීම පාද ලබා දෙයි

Next Post

රිටිගල වනජිවි ආරක්ෂක නිලධාරියෙකු වනඅලි පහරදීමෙන් මියයයි

editor

editor

Next Post

රිටිගල වනජිවි ආරක්ෂක නිලධාරියෙකු වනඅලි පහරදීමෙන් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved