27 April 2024
#දේශීය

මන්ත්‍රී දුමින්දගේ උපන් දිනය වෙනුවෙන් පා අහිමි අයට කෘත්‍රීම පාද ලබා දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානයක මහතා සිය 44 වැනි ජන්ම දිනය වෙනුවෙන් පා අහිමි වූ 25 දෙනෙකු සඳහා කෘතීම පාද ලබා දීමේ වැඩසටහනක් ඊයේ (28) අනුරධපුරේදී පැවැත්විණ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පා අහිමි වූ අභීත රණවිරුවන්, රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලට ලක්ව පා අහිමි ව ආබාධිත වූවන්, දියවැඩියාව හේතුවෙන් තුවාල සිදු වී පා අහිමි වූ ආබාධිතවූවන් ඇතුළු විවිධ හේතුන් මත පා අහිමි වූ 25 කට ආසන්න පිරිසක් සඳහා මෙ‌ලෙස කෘත්‍රීම පාද පරිත්‍යාග කළ අතර, එම එක් කෘත්‍රීම පාදයක් රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුතුය.

ඉන් අනතුරුව දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ළමා නිවාසයන් කීපයක් වෙත ගොස් මවුපිය සෙනෙහස අහිමිව කල් ගෙවන දූ දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම සිදු කළහ,එම දරු-දැරියන්ට හා ළමා නිවාස සඳහා අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමද සිදු කරනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *