කලාපීය යුදමය වාතාවරණය දරුණු ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ලෙබනනය සහ ඉරානය යන රටවල් දෙකෙහිම සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 3,100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු 2 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 1,238 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. මියගිය පිරිස අතර ළමුන් 124 දෙනෙකු ද සිටින බව වාර්තා වන අතර, දිනෙන් දින ඉහළ යන මෙම මරණ සංඛ්‍යාව හේතුවෙන් කලාපය තුළ දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.
ගුවන් ප්‍රහාර සහ භූමි ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා ඇති අතර ලෙබනනයේ සහ ඉරානයේ සිවිල් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා සංක්‍රමණය වෙමින් පවතින බව ද සඳහන් වේ. ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටුම් සමනය කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියද, දෙපාර්ශ්වයම ප්‍රහාර අත්නොහැරීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් අස්ථාවර වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සහන සේවා සංවිධාන අනතුරු අඟවයි.














