ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තඹුත්තේගම නගරයේදී අද (06) පස්වරුවේ සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මෙම විරෝධතාවය සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය ඇතුළු රජයේ නිළධාරීන්ගේ වෘත්තීය සමිති කීපයක් එක්ව සිටියහ.
ඔවුන් තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය අසලින් විරෝධතාවය ආරම්භ කළ අතර, 74 වසරක සාපය අවසන් කරමු.. ජනපීඩිත ආණ්ඩුව පළවා හරිමු..යන මැයෙන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, පිරිස පා ගමනින් තඹුත්තේගම රැජින මංසන්ධිය වෙත ගොස් නැවත මධ්‍ය විද්‍යාලය අසලට පැමිණ විරෝධතාවය අවසන් කළහ.
විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර -පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට තඹුත්තේගම නගරයෙන් බාධා සිදු වුණ අතර, අතුරු මාර්ග ඔස්සේ රථ වාහන ගමනා ගමනය කරවීමට පොලීසිය කටයුතු කළහ.