27 April 2024
#දේශීය

හිංසාකාරී ලෙස මී ගවයින් රැගෙන ගිය තිදෙනෙකු අත්අඩංගුවට

ලාහුගල රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ලාහුගල රක්ෂිතය හරහා මී ගවයින් 33 දෙනෙකු හිංසාකාරී ලෙස දක්කගෙන ගිය තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ඊයේ (05) පස්වරුනේ මෙම මී ගවයින් රැගෙන ගොස් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ලාහුගල අඩවි වන කාර්යාලය වෙත භාර දෙන ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 43 හා 54 වයස් වල පසුවන පොතුවිල්, තිරුක්කෝවිල හා දෙමෝදර ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *